නික්මයාම 4:10-13

නික්මයාම 4:10-13 SROV

මෝසෙස්: අහෝ, ස්වාමීනි, මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහෙකරුවාට කථාකළාට පසුවවත් මම ව්‍යක්තයෙක් නොවෙමි. මක්නිසාද කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මියි ස්වාමීන්වහන්සේට කීයේය. එවිට ස්වාමීන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුවෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත් යමෙකුට පෙනෙන්ට හෝ අන්ධවෙන්ට හෝ සලස්වන්නෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවේද? එබැවින් දැන් යව, මම නුඹේ මුඛය සමඟ සිට නුඹ විසින් කිය යුතු දේ නුඹට උගන්වන්නෙමියි ඔහුට කීසේක. ඔහු: අහෝ ස්වාමීනි, ඔබවහන්සේ යවන්ට කැමැත්තෙකු අත යැවුව මැනවයි කීය.