නික්මයාම 3:7-12

නික්මයාම 3:7-12 SROV

තවද ස්වාමීන්වහන්සේ කථාකොට: මිසරයේ වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින්ම දුටිමි, ඔවුන්ගේ විධානවරුන් නිසා ඇති ඔවුන්ගේ මොරගැසීම ඇසීමි; මක්නිසාද ඔවුන්ගේ දුක් දනිමි; එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි. දැන් බලව, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මොරගැසීම මා වෙතට පැමිණ තිබේ. මිසරවරුන් ඔවුන්ට කරන පීඩාවත් දුටිමි. ඉතින් එන්න, නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් පිටතට ගෙනෙන පිණිස මම ඵාරාවෝ වෙතට නුඹ යවන්නෙමියි කීසේක. එවිට මෝසෙස්: ඵාරාවෝ වෙතට යන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් පිටතට ගෙනඑන්ටත් මම කවුදැයි දෙවියන්වහන්සේට කීය. උන්වහන්සේද: මම සැබවින් නුඹ සමඟ සිටින්නෙමි; මා විසින් නුඹ යැවූ බවට මේක නුඹට ලකුණක් වන්නේය; එනම් නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා කල්හි නුඹලා මේ කන්දේදී දෙවියන්වහන්සේට නමස්කාර කරන්නහුයයි කීසේක.

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 3:7-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය