නික්මයාම 16:4-8
නික්මයාම 16:4-8 SROV
එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: බලව, ඔව්හු මාගේ ව්‍යවස්ථාව ලෙස හැසිරෙන්නෝද නැද්දැයි පරීක්ෂාකරන පිණිස ස්වර්ගයෙන් නුඹලා උදෙසා ආහාර වස්වන්නෙමි; සෙනඟ පිටත ගොස් දවසකට සෑහෙන ප්‍රමාණය දවස්පතා රැස්කරගනිත්වා. තවද සවෙනි දවසේදී ඔවුන් ගෙනෙන දේ සූදානම්කරත්වා, එය ඔවුන් දවස්පතා රැස්කරගන්නා ප්‍රමාණය ලෙස දෙගුණයක් වන්නේයයි කීසේක. මෝසෙස්ද ආරොන්ද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: නුඹලා මිසර දේශයෙන් ගෙනාවේ ස්වාමීන්වහන්සේ බව සවස දැනගන්නහුය. උදය ස්වාමීන්වහන්සේගේ තේජස දකින්නහුය; මක්නිසාද ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසෙයි. නුඹලා අපට විරුද්ධව කොඳුරන්ට අපි කවුරුදැයි කීවෝය. මෝසෙස්: මෙසේ වන්නේ ස්වාමීන්වහන්සේ සවස නුඹලාට කන පිණිස මාංසද උදය සෑහෙන තරම් ආහාරද දෙන විටය; මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කොඳුරන නුඹලාගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසේ. අපි කවුරුද? නුඹලාගේ කෙඳිරීම් අපට විරුද්ධව නොව ස්වාමීන්වහන්සේට විරුද්ධවයයි කීවේය.

