එස්තර් 4:1-4

එස්තර් 4:1-4 SROV

තවද කෙරුණු සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු තමාගේ වස්ත්‍ර ඉරා, අලු ඇතුව, ගෝණි රෙදි හැඳගන, නුවර මැදට ගොස් මහත්වූ දුක්ඛිතවූ හඬකින් මොරගසමින්, රජවාසල ඉදිරිපිටටම පැමුණුණේය. රජවාසලට වනාහි ගෝණි රෙදි හැඳගෙන කිසිවෙකුට ඇතුල්වෙන්ට අවසර නැත. තවද රජුගේ ආඥාවද නියෝගයද පැමුණුණු සියලු රටවල යුදෙව්වරුන් අතරේ මහත් වැලපීමද නිරාහාරව සිටීමද ඇඬීමද විලාපකීමද විය; බොහෝ දෙනෙක් ගෝණි රෙදි සහ අලු පිට වැතිරගත්තෝය. එවිට එස්තර්ගේ මෙහෙකාරියෝද නපුංසකයෝද අවුත් එපවත් ඈට දැන්නූහ; එකල බිසව ඉතා ශෝක වුණාය. මොර්දෙකයිගෙන් ගෝණි රෙදි ගළවාදමා අන්දවන පිණිස ඈ ඔහුට ඇඳුම් යැවුවාය. නුමුත් ඔහු ඒවා පිළිගත්තේ නැත.

මෙයට අදාළ වීඩියෝ

එස්තර් 4:1-4 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය