එස්තර් 2:5-11

එස්තර් 2:5-11 SROV

බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගන ගිය යූදාහි රජවූ යෙකොනියා සමඟ ගෙනයනු ලැබූ අය අතරේ යෙරුසලමෙන් ගෙනයනලද බෙන්යමියයෙක්වූ කීෂ්ගේ පුත්‍රයා වන ෂිමෙයිගේ පුත්‍රවූ යායිර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම්වූ යුදෙව්වෙක් ෂූෂන් බලකොටුවෙහි සිටියේය. ඔහු තමාගේ බාප්පාගේ දුවවූ හදස්සා එනම් එස්තර් ඇතිකරගත්තේය. මක්නිසාද ඇගේ පියාවත් මවුවත් ජීවත්ව සිටියේ නැත, ඈ වනාහි ශෝභනවූ රූපසම්පන්න තැනැත්තියක් වූවාය; ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකයි ඈ තමාට දුවෙක් කොට පිළිගත්තේය. තවද රජුගේ ආඥාවත් නියෝගයත් සැලවූ කල්හි බොහෝ තරුණියන් ෂූෂන් බලකොටුවට හෙගයිගේ රැකවරණයට රැස්වෙද්දී, එස්තර්ද රජගෙට, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට, ගෙනෙනලද්දීය. තරුණීද ඔහුට ප්‍රියවී ඔහුගෙන් කරුණාව ලැබුවාය; ඔහු ඉක්මන්කර ඇගේ පවිත්‍රවීම සඳහා දේවල්ද ඇගේ ආහාර කොටසද දුන්නේය; ඈට දීමට සුදුසුවූ, රජ ගෙදරින් තෝරනලද තරුණියන් සත්දෙනෙක්ද ඈටදී, ඈ සහ ඇගේ වැඩකාරියන් ස්ත්‍රීන්ගේ ගෙයි ඉතා හොඳ ස්ථානයට පැමිණෙවුවේය. එස්තර් තොමෝ ඇගේ ජාතියවත් ඇගේ සෙනඟවත් එළිදරව් නොකළාය; මක්නිසාද එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණකර තිබුණේය. මොර්දෙකයි වනාහි එස්තර්ගේ ශුභසිද්ධියත් ඈට මක්වේද කියාත් දැනගන්න පිණිස ස්ත්‍රීන්ගේ ගෙයි මිදුල ඉස්සරහපිට දවස්පතා ඇවිද්දේය.

මෙයට අදාළ වීඩියෝ

එස්තර් 2:5-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය