ධර්මදේශකයා 3:2-8

ධර්මදේශකයා 3:2-8 SROV

උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්ය; සිටුවන්ට කාලයක් සහ සිටෙවු ඒවා උදුරාදමන්ට කාලයක්ය; මරන්ට කාලයක් සහ සුවකරන්ට කාලයක්ය; කඩාදමන්ට කාලයක් සහ ගොඩනගන්ට කාලයක්ය; අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය; විලාපකියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය; ගල් අහකදමන්ට කාලයක් සහ ගල් රැස්කරන්ට කාලයක්ය; වැලඳගන්ට කාලයක් සහ වැලඳගැනීමෙන් වලකින්ට කාලයක්ය; සොයන්ට කාලයක් සහ නැතිවීමට අරින්ට කාලයක්ය; තබාගන්ට කාලයක් සහ අහකදමන්ට කාලයක්ය; ඉරන්ට කාලයක් සහ මහන්ට කාලයක්ය; නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්ය; ප්‍රේමකරන්ට කාලයක් සහ ද්වේෂකරන්ට කාලයක්ය; යුද්ධයට කාලයක් සහ සමාදානයට කාලයක්ය.

ධර්මදේශකයා 3:2-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය