දානියෙල් 2:17-19

දානියෙල් 2:17-19 SROV

එකල දානියෙල් තමාගේ ගෙදරට ගොස්, තමාගේ සමාගම්කාරයන්වූ හනනියාටත් මීෂායෙල්ටත් අසරියාටත් ඒ කාරණය දන්වා, තමා සහ තමාගේ සමාගම්කාරයන් බබිලෝනියේ අනික් ශාස්ත්‍රවන්තයන් සමඟ විනාශ නොවන පිණිස, ඒ රහස ගැන ස්වර්ගයේ දෙවියන්වහන්සේගෙන් අනුකම්පාව ඉල්ලන්ට කීවේය. එවිට රාත්‍රියේ දර්ශනයකින් ඒ රහස දානියෙල්ට එළිදරව්විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කෙළේය.