දානියෙල් 1:8-10

දානියෙල් 1:8-10 SROV

එහෙත් දානියෙල් රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මුද්‍රිකපානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් නියමකරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටින්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් අවසර ඉල්ලුවේය. දෙවියන්වහන්සේ දානියෙල්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් කරුණාවත් අනුකම්පාවත් ලැබෙන්ට සැලැස්වූසේක. නපුංසකයන්ගේ අධිපතීයා දානියෙල්ට කථාකොට: නුඹලාගේ කෑමද බීමද නියමකළ මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට භයවෙමි. නුඹලාගේ වයසේ යෞවනයන්ට වඩා නුඹලාගේ මුහුණු මලානිකව තිබෙනවා ඔහු දකින්නේ මක්නිසාද? එසේ නුඹලා නිසා මාගේ හිස රජු ඉදිරියෙහි උපද්‍රවයට පැමිණේයයි කීවේය.