කොලොස්සි 4:10-14
කොලොස්සි 4:10-14 SROV
මාගේ හවුල් හිරකාරයාවූ අරිස්තාර්කස්ද බාර්ණබස්ගේ ඥාති සහෝදරයෙක්වූ මාර්ක්ද යුස්තස් කියන යේසුස්ද නුඹලාට ආචාරකරති. මාර්ක් ගැන නුඹලා අණ ලැබුවහුය. ඔහු නුඹලා වෙතට ආවොත් පිළිගන්න. චර්මඡේදිතයන්ගෙන් මොව්හු පමණක් මට සැනසිල්ලක් වූවෝය, මොව්හු දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා මාගේ හවුල් සේවකයෝවද සිටිති. නුඹලාගෙන් එක්කෙනෙක්වූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසෙයක්වූ එපප්‍රස් නුඹලාට ආචාරකරන්නේය; නුඹලා දෙවියන්වහන්සේගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසැකව සිටින පිණිස ඔහු යාච්ඤාවලින් නුඹලා ගැන නිතරම වීර්යකරන්නේය. මක්නිසාද නුඹලා උදෙසාත් ලවොදිකයෙහිද හියරපොලිසෙහිද සිටින්නන් උදෙසාත් ඔහු බොහෝ වෙහෙසෙන බවට මම සාක්ෂිදරමි. ලූක් නම් ප්‍රේමවන්ත වෛද්‍යාචාරි තැනද දේමස්ද නුඹලාට ආචාරකරති.

