ආමොස් 2
2
1 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෝවබ්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔහු ඒදොම් රජුගේ ඇට දවා හුනු සෑදුවේය. 2ඒ නිසා මම කෙරියොත් විනාශකරන ගින්නක් මෝවබ්ට අරින්නෙමි; මෝවබ්වරු කෝලාහලද ඝෝෂාවද හොරණෑ ශබ්දයද ඇතුව මැරෙන්නෝය. 3මම එය තුළෙන් විනිශ්චයකාරයා සිඳදමා, එහි සියලු අධිපතීන් ඔහු සමඟ මරාදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
4 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යූදාගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව එපාකොට, උන්වහන්සේගේ පනත් නොපවත්වා, ඔවුන්ගේ පියවරුන් ඇදහූ බොරු කරණකොටගෙන මුළාවූවෝය. 5ඒ නිසා මම යෙරුසලමේ මාළිගා නාස්තිකරන ගින්නක් යූදාට එවන්නෙමි.
ඉශ්‍රායෙල්ගේ පාප. කෙළෙහිගුණ නොසැලකීම
6 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ධර්මිෂ්ඨයා රිදීවලටත් දිළින්දා වහන් සඟළකටත් වික්කෝය. 7දුප්පතාගේ හිසේ පොළොවේ ධූලි තිබෙනවා දකින්ට ඔව්හු ආශාවෙති, යටහත් අයගේ මාර්ගය පෙරළති. මාගේ ශුද්ධවූ නාමය කෙලහෙන ලෙස පුරුෂයෙක්ද ඔහුගේ පියාද එම තරුණිය කරා එළෙඹති. 8ඔවුන් උකසට ගත් වස්ත්‍ර සියලු පූජාසන ළඟ එළාගන ඉඳිති, දඩගැසුම් කෑ අයගේ මුද්‍රිකපානයද තමුන්ගේ දෙවිවරුන්ගේ ගෘහයේදී බොති. 9එහෙත් කිහිරි ගස්වල උස හා සමාන උස ඇත්තාවූ, අලෝන ගස් මෙන් ශක්තිමත්වූ අමෝරිවරුන් ඔවුන් ඉදිරියෙන් විනාශකරදැමුවේ මමය; ඉහළින් ඔවුන්ගේ ඵලද පහළින් ඔවුන්ගේ මුල්ද නාස්තිකෙළෙමි. 10අමෝරිවරුන්ගේ දේශය හිමිකරගැනීමට නුඹලා මිසර දේශයෙන්ගෙන්වා, සතළිස් අවුරුද්දක් නුඹලා කාන්තාරයෙහි ගෙනගියෙත් මමය. 11නුඹලාගේ පුත්‍රයන්ගෙන් අනාගතවක්තෘවරුන්ද නුඹලාගේ තරුණයන්ගෙන් නසරියයන්ද නැගිටෙවුවෙමි. ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, එසේ නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක. 12එහෙත් නුඹලා නසරියයන්ට මුද්‍රිකපානය බොන්ට දුන්නහුය; අනාගතවාක්‍ය නොකියන්නැයි අනාගතවක්තෘවරුන්ට අණ කළහුය. 13ගොයම් මිටි පිරෙවු ගැළක් නැමෙන්නාක්මෙන් මම නුඹලා බිමට නමන්නෙමි. 14එබැවින් පලායාම ශීඝ්‍ර අයගෙන් නැතිවන්නේය, බලවත් අයද තමාගේ ශක්තිය වැඩිකරගන්නේවත් බලවතා තමාගේ ප්‍රාණය ගළවාගන්නේවත් නැත. 15දුනුවායා සිටින්නේවත් ශීඝ්‍ර පාද ඇත්තා ගැළවීයන්නේවත් අශ්වයා පිට නැගීයන්නා තමාගේ ප්‍රාණය ගළවාගන්නේවත් නැත. 16බලවතුන් අතරෙහි ධෛර්ය සිතක් ඇති අයද ඒ දවසේ නිර්වස්ත්‍රව පලායන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
දැනට තෝරාගෙන ඇත:
ආමොස් 2: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: