ක්‍රියා 22:17-28
ක්‍රියා 22:17-28 SROV
තවද මම යෙරුසලමට නැවත ඇවිත් දේවමාළිගාවෙහි යාච්ඤාකරමින් සිටියදී මූර්ඡාවුණෙමි. එවිට උන්වහන්සේ මට දර්ශනයවී: නුඹ ප්‍රමාද නොවී ඉක්මනින් යෙරුසලමෙන් යන්න. මක්නිසාද මා ගැන නුඹේ සාක්ෂිය ඔව්හු පිළි නොගන්නෝයයි මට කීසේක. එකල මම කථාකොට: ස්වාමීනි, ඔබ කෙරෙහි ඇදහූවන් මා විසින් හිරගෙවල දමා, සියලු සිනගෝගවලදී ඔවුන්ට තැළූ බව ඔව්හුම දනිති. ඔබගේ සාක්ෂිකාරවූ ස්තේපන්ගේ ලේ වැගිරෙවු කල මමත් ළඟ සිට, ඊට එකඟවෙමින්, ඔහු මැරුවන්ගේ වස්ත්‍ර ප්‍රවේසම්කෙළෙමියි කීවෙමි. එවිට උන්වහන්සේ මට කථාකොට: පිටත්වෙන්න. මක්නිසාද මම නුඹ මෙයින් බොහෝ ඈතට අන්‍ය ජාතීන් වෙතට යවන්නෙමියි කීසේකැයි කීවේය. ඔව්හු මේ වචනය දක්වා ඔහුට ඇහුම්කන්දුන්නෝය; එවිට ඔව්හු ශබ්දනගා: මෙබඳු මනුෂ්‍යයා පොළොවෙන් අහක්කරන්න. මක්නිසාද මොහු ජීවත්වෙන්ට යුතු නැතැයි කිවෝය. ඔවුන් මොරගසමින්, තමුන්ගේ උතුරුසළු ගළවා වීසිකරමින්, ධූලි ඉහළට දමමින් සිටි බැවින්, අධිපතියා ඔහු කොටුවට ගෙනයන්ට අණකොට මොන කාරණයක් නිසා ඔව්හු ඔහුට විරුද්ධව එසේ මොරගැසුවෝදැයි දැනගන්නා පිණිස ඔහුට කසෙන් තළා විභාගකරන්ට නියමකෙළේය. නුමුත් ඔවුන් පටිවලින් ඔහුව බැන්ද විට පාවුල් කථාකොට: රෝමයෙක්වූ මනුෂ්‍යයෙකු විනිශ්චය නොකොට ඔහුට කසෙන් තළන්ට නුඹලාට අවසර තිබේදැයි ළඟ සිටියාවූ සියයකට මුලාදෑනියාට කීවේය. සියයකට මුලාදෑනියා ඒ අසා අධිපතියා ළඟට ගොස්: ඔබ මක්කරන්ට යනවාද? මේ මනුෂ්‍යයා රෝමයෙකැයි කීවේය. එවිට අධිපතියා ඇවිත්: නුඹ රෝමයෙක්ද කියා මට කියන්නැයි ඔහුට කීවේය. එසේයයි ඔහු කීවේය. අධිපතියා උත්තරදෙමින්: මම බොහෝ මිලදී මේ නාගරිකත්වය ලබාගතිමියි කීවේය; පාවුල්ද: මම රෝමයෙක්ව උපන්නෙමියි කීවේය.

