ක්‍රියා 22:14-16

ක්‍රියා 22:14-16 SROV

ඔහු කථාකොට: අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, තමන් වහන්සේගේ කැමැත්ත දැනගන්ටත් ධර්මිෂ්ඨ තැනන්වහන්සේව දකින්ටත් උන්වහන්සේගේ මුඛයෙන් හඬක් අසන්ටත් නුඹව නියමකළසේක. මක්නිසාද නුඹ ඇසූ දුටු දේ ගැන සියලු මනුෂ්‍යයන්ට නුඹ උන්වහන්සේ උදෙසා සාක්ෂිකාරයෙක් වන්නෙහිය. ඉඳින් ප්‍රමාදවෙන්නේ මක්නිසාද? නැගිට උන්වහන්සේගේ නාමයට යාච්ඤාකරමින්, බව්තීස්මය ලැබ, නුඹේ පව් සෝදාදමන්නැයි කීවේය.