ක්‍රියා 21:27-30
ක්‍රියා 21:27-30 SROV
ඒ දවස් සත සම්පූර්ණවෙන්ට ළංවූ කල ආසියාවෙන් ආවාවූ යුදෙව්වරු දේවමාළිගාවේදී ඔහු දැක, මුළු සමූහයා කලඹා, ඔහු පිට අත් හෙළා: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, උපකාරකරන්න. සෙනඟටද ව්‍යවස්ථාවටද මේ ස්ථානයටද විරුද්ධව සියලු තැන්වල සියල්ලන්ට උගන්වන්නාවූ මනුෂ්‍යයා මොහුය. එපමණකුත් නොව ග්‍රීක්වරුන්ද දේවමාළිගාවට කැඳවාගෙනවිත්, ඔහු මේ ශුද්ධස්ථානය අපවිත්‍රකෙළේයයි මොරගසා කීවෝය. මක්නිසාද එපීසියවූ ත්‍රොපිමස් ඔහු සමඟ නුවර සිටිනවා ඔවුන් පළමුවෙන් දැක තිබුණු බැවින්, පාවුල් ඔහු දේවමාළිගාවට කැඳවාගෙන ගියේයයි ඔව්හු සිතුවෝය. එවිට මුළු නුවර කැලඹී සෙනඟ එකට දුවගන ඇවිත් පාවුල් අල්ලාගෙන මාළිගාවෙන් පිටතට ඇද්දෝය. එකෙණෙහිම දොරවල් වසනලද්දේය.

