ක්‍රියා 20:13-17
ක්‍රියා 20:13-17 SROV
එහෙත් අපි අසොස්හිදී පාවුල් නංවාගන්ට අදහස්කරගන, පෙරටුව නැව ළඟට ගොස්, එහි යන්ට නැගුණෙමුව. මක්නිසාද ගොඩින් යන්ට අදහස්කළ ඔහු, එසේ යන්ට අපට නියමකර තිබුණේය. අසොස්හිදී ඔහු අපට සම්බවූ කල ඔහු නංවාගන මිතුලේනට ආවෙමුව. අපි එතැනින් යාත්‍රාකොට, පසුවදා කියොස් ඉදිරියට පැමිණ, ඊට පසුවදා සාමොස්ට ළඟාවී, ඊළඟ දවසේ මිලේතසට පැමිණියෙමුව. එසේ කළේ, හැකිවී නම් පෙන්තකොස්ත දවසේ යෙරුසලමේ සිටින්ට පාවුල් ඉක්මන්කළ බැවින්, ආසියාවෙහි කල්ගතකරන්ට නොවන පිණිස නැවෙන් එපීසය පසුකරයන්ට ඔහු නියමකරගන සිටි නිසාය. ඔහු මිලේතසෙන් එපීසයට පණිවිඩ යවා, සභාවේ වැඩිමහල්ලන් කැඳවූයේය.

