ක්‍රියා 18:1-3

ක්‍රියා 18:1-3 SROV

මෙයින් පසු පාවුල් අතීනසයෙන් පිටත්ව, කොරින්තියට ආවේය. ක්ලෞදියස් සියලු යුදෙව්වරුන්ට රෝමයෙන් අහක්ව යන්ට අණකර තිබුණු බැවින්, ඉතාලියෙන් අලුත ආවාවූ පන්තස්හි උපන් මනුෂ්‍යයෙක්වූ අකිලානම් එක්තරා යුදෙව්වෙක් ප්‍රිස්කිලා නම් ඔහුගේ භාර්යාව සමඟ පාවුල්ට සම්බවී, ඔහු ඔවුන් වෙතට ගොස්, දෙගොල්ලම එම කර්මාන්තය කරන්නෝ බැවින්, ඔවුන් සමඟ නැවතී සිට වැඩකළේය; ඔවුන්ගේ කර්මාන්තය කූඩාරම් සෑදීමය.