රජුගේ සියලු සතුරන්ගෙන් ස්වාමීන්වහන්සේ ඔහුට හාත්පසින්ම නිදහස දුන්නායින් පසු ඔහු තමාගේ ගෘහයේ වාසයකරන අතර, රජ ප්‍රොපේතවූ නාතාන්ට කථාකොට: මෙන්න, මම දැන් කිහිරි ලී ගෙයක වසමි, එහෙත් දෙවියන්වහන්සේගේ පෙට්ටිය තිර ඇතුළේ වාසයකරනවායයි කීවේය. එවිට නාතාන්: නුඹ ගොස් නුඹේ සිතේ තිබෙන සියල්ල කරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි රජුට කීවේය. තවද එම රාත්රියේදී ස්වාමීන්වහන්සේගේ වචනය නාතාන්ට පැමිණ කියනුයේ: නුඹ ගොස්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියන්න–මාගේ වාසස්ථානය කොට නුඹ මට ගෘහයක් ගොඩනගන්නෙහිද? මම ඉශ්රායෙල් පුත්‍රයන් මිසරයෙන් ගෙනා දවස පටන් අද දක්වා ගෙයක නොවැස කූඩාරමකද මණ්ඩපයකද හැසුරුණෙමි. මාගේ සෙනඟවූ ඉශ්රායෙල් පාලනයකරන්ට මාගෙන් අණ ලැබූ යම් ඉශ්රායෙල් ගෝත්‍රයකට: නුඹලා මට කිහිරි ලීවලින් ගෘහයක් ගොඩනොනැගුවේ මක්නිසාද යන වචනයක් මා සියලු ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි හැසුරුණ කොයි ස්ථානයකදීවත් කීවෙම්ද? එබැවින් දැන් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියන්න, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මාගේ සෙනඟවූ ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස බැටළු ගාලෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද නුඹ ගත්තෙමි. නුඹ ගිය හැම තැන්හිම මම නුඹ සමඟ සිට නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳ දැමුවෙමි; පොළොවේ සිටින උත්තමයන්ගේ නාමය මෙන් මහත් නාමයක් නුඹට සාදා දෙන්නෙමි. මාගේ සෙනඟවූ ඉශ්රායෙල් තමුන්ගේම ස්ථානයෙහි වාසයකරමින් තවත් අහක් නොවෙන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් පිහිටුවන්නෙමි; මුලදී කළ ලෙසද මාගේ සෙනඟවූ ඉශ්රායෙල් කෙරෙහි විනිශ්චයකාරයන් පත්කළ කාලයේ සිට කළ ලෙසද දුෂ්ටකමේ දරුවෝ තවත් ඔවුන්ට පීඩා නොකරන්නෝය. නුඹේ සියලු සතුරන්ගෙන් නුඹට නිදහස ලැබෙන්ට සලස්වන්නෙමි. ඇරත් ස්වාමීන්වහන්සේ නුඹට වංශයක් සාදාදෙන බව ස්වාමීන්වහන්සේ නුඹට දන්වන සේක.
2 සාමුවෙල් 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 සාමුවෙල් 7:1-11
4 Days
Advent invites us to journey through the darkness to discover the light, the incarnate Word of God who "shines in the darkness" (John 1:5). This plan focuses upon the weekly themes of Advent—hope, peace, joy, and love—and serves as a guide through each week of the season. It is taken from our book, Dawn, with reflections for every day of Advent available within the Dwell Bible App.
6 Days
Advent begins four Sundays before Christmas Day. During this time, the Church universal is invited to become more intentional: 1) to look back in thankfulness for Jesus’ birth; and 2) to look forward in the hope of full restoration when He comes again. These reflections are designed to help you engage and embrace this season.
God’s rescue plan for his people has always centered on Jesus, our Immanuel – “God with us.” In this devotional, we’ll walk through Scriptures from Genesis in Revelation to explore this plan in action and be reminded of the role we get to play in it. God has gone to great lengths to be “with us,” and he is still using his people to reveal himself to the whole world today!
7 Days
Is there anything sacred about the place we worship? Is the church really God's House? What is my part in the church? These and many more questions are answered in this study of God's House from the pages of Scripture. Not only are we called to gather in God's House, but we are also called to help build it.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ