ඉශ්‍රායෙල්වරුන්ගෙන් තෝරාගත් සියල්ලන් වන තිස්දහසක් මනුෂ්‍යයන් දාවිත් නැවත රැස්කෙළේය. දාවිත් නැගිට තමා සමඟ සිටි මුළු සෙනඟ සමඟ පිටත්ව යනුයේ, නාමය එනම් කෙරුබ්වරුන් පිට වැඩඉන්න සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස යූදාහි බායාලෙට ගියේය. ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය හෙලෙහි තිබුණ අබිනාදාබ්ගේ ගෙයින් අලුත් ගැළක තබා ගෙනාවෝය. අබිනාදාබ්ගේ පුත්‍රයෝවූ උස්සාද අහියෝද අලුත් ගැළ දැක්කුවෝය. ඔව්හු හෙලෙහි තිබුණු අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන ගැළේ තබා ගෙනාවෝය. අහියෝ ගිවිසුම් පෙට්ටියට පෙරටුව ගියේය. දාවිත් සහ මුළු ඉශ්‍රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ. ඔවුන් නාබොත්ගේ පාවරට පැමිණි විට හරක් දැඟලූ බැවින්, උස්සා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට අත දිගුකොට එය ඇල්ලුවේය. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය; ඒ වරද නිසා දෙවියන්වහන්සේ එහිදී ඔහුට පහර දුන්සේක; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ මළේය.
2 සාමුවෙල් 6 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 සාමුවෙල් 6:1-7
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ