ඉන්පසු මෙසේ සිදුවිය. දාවිත්ගේ පුත්‍රවූ අබ්සලොම්ට තාමාර් නම්වූ රූපවත් සහෝදරියක් සිටියාය; දාවිත්ගේ පුත්‍රවූ අම්නොන් ඈට පෙම් බැන්දේය. අම්නොන් තමාගේ සහෝදරීවූ තාමර් නිසා අසනීපවෙන තරම් කනස්සලුව සිටියේය; මක්නිසාද ඈ කන්‍යාවක්ය; ඈට යමක් කරන්ට තමාට උගහට බවත් අම්නොන්ට පෙණුණේය. නුමුත් දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත්‍රවූ යොනාදාබ් නම්වූ මිත්‍රයෙක් අම්නොන්ට සිටියේය. යොනාදාබ් ඉතා උපා දක්ෂ මනුෂ්‍යයෙකි. ඔහු: රාජ පුත්‍රය, නුඹ දවසින් දවස මෙසේ කෘශවෙන්නේ මක්නිසාද? මට කියන්නේ නැද්දැයි ඔහුට කීය. එවිට අම්නොන්: මාගේ සහෝදරයා වන අබ්සලොම්ගේ සහෝදරීවූ තාමර්ට ආලය ඇත්තෙමියි ඔහුට කීය. යොනාදාබ්ද: නුඹ ලෙඩින් ඉන්නාක්මෙන් නුඹේ යහනේ වැතිර හිඳ නුඹේ පියාණන් නුඹ බලන්ට ආකල ඔහුට කථාකොට–මාගේ සහෝදරීවූ තාමර් ඇවිත් මට කෑම දෙන්ටත් මට පෙනෙන ලෙස මා ඉදිරියෙහි කෑම පිළියෙළ කරන්ටත් ඇගේ අතින් මට එය කන්ටත් අවසර දුනමැනවියි ඔහුට කියන්නැයි කීවේය. මෙසේ අම්නොන් ලෙඩින් ඉන්නාක්මෙන් වැතිර උන්නේය. රජු අම්නොන් බලන්ට ආ කල ඔහු රජුට කථාකොට: මා විසින් මාගේ සහෝදරීවූ තාමර්ගේ අතින් කන පිණිස ඈ මාගේ ඇස් ඉදිරියේදී රොටි දෙකක් සාදාවයි කීවේය. එවිට දාවිත්: නුඹේ සහෝදරවූ අම්නොන්ගේ ගෙට ගොස් ඔහුට කෑම සාදා දෙන්නැයි ගෙදර උන් තාමර්ට කියා යැවීය. එවිට තාමර් ඇගේ සහෝදරවූ අම්නොන්ගේ ගෙට ගියාය; ඔහු නිදා සිටියේය. ඈ පිටි රැගෙන අනා ඔහුගේ ඇස් ඉදිරියේදී රොටි සාදා පුලුස්සා ඇතිලිය ගෙනැවිත් ඔහු ඉදිරියෙහි ඒවා හෙළුවාය; එහෙත් ඔහු කන්ට කැමතිවුණේ නැත. අම්නොන්: හැමදෙනාම මා වෙතින් පිටතට යන්නැයි කීය. සියලු දෙනාම ඔහු වෙතින් පිටතට ගියෝය. අම්නොන්: මා නුඹේ අතින් කන පිණිස කෑම ඇතුල්ගෙට ගෙනෙන්නැයි තාමර්ට කීවේය. තාමර්ද ඈ සෑදූ රොටි රැගෙන ඇතුල් ගෙයි උන් ඇගේ සහෝදරවූ අම්නොන් ළඟට ගෙනගියාය. ඒවා ඔහුට කන්ට ළඟට ගෙනගිය විට ඔහු ඈ අල්වා: මාගේ සහෝදරිය, ඇවිත් මා සමඟ සයනය කරන්නැයි ඈට කීවේය. එවිට ඈ: මාගේ සහෝදරය, එසේ නොවේවා, මට අවනම්බු නොකරන්න; ඉශ්‍රායෙල්හි එබඳු දෙයක් කරන්ට යුතු නැත; මේ නින්දිතකම නොකරන්න. එසේ කළොත් මම මාගේ නින්දාව කොතැනට ගෙනයම්ද? නුඹත් ඉශ්‍රායෙල්හි නින්දිතයන්ගෙන් එක්කෙනෙකු මෙන් වන්නෙහිය. ඉන්නිසා රජ්ජුරුවන්ට කථාකරන්න; ඔහු මා නුඹට නොදී සිටින්නේ නැතැයි කීවාය. නුමුත් ඔහු ඇගේ හඬට කන්නොදී ඈට වඩා ශක්තිමත් බැවින් ඈට බලාත්කාරකොට ඈ සමඟ සයනයකෙළේය. එවිට අම්නොන් ඉතා මහත් වෛරයකින් ඈට වෛරවුණේය; මක්නිසාද ඔහු ඈට වුණාවූ වෛරය පළමු ඈට බැන්දාවූ ආලයට වඩා මහත්ව තිබුණේය. නැගිට යන්නැයි අම්නොන් ඈට කීය. එසේ නොකරන්න, මා යන්ට හැරීම නුඹ මට කළ අනික් නපුරට වඩා මහත්යයි ඈ ඔහුට කීවාය. නුමුත් ඔහු ඈට ඇහුම්කන් නොදී තමාට සේවයකළ වැඩකාරයාට අඬ ගසා: මේ ස්ත්‍රිය මා ළඟින් පිටත ඇර දොර අගුල්ලන්නැයි කීවේය. ඈ නානා වර්ණ වස්ත්‍රයක් ඇඳගෙන සිටියාය. මක්නිසාද රජුගේ කන්‍යා දූවරු එබඳු සළු ඇන්දෝය. ඔහුගේ වැඩකාරයා ඈ පිටතට ඇර දොරේ අගුළුදැමුවේය. එවිට තාමර් තමාගේ හිසේ අලු දමාගන, ඇඳගන සිටිය නානා වර්ණ වස්ත්‍රය ඉරාගන, හිසේ අත තබාගන, කෑගසමින් ගියාය. ඇගේ සහෝදරවූ අබ්සලොම් ඈට කථාකොට: නුඹේ සහෝදරවූ අම්නොන් නුඹ සමඟ උන්නාද? ඉතින් මාගේ සහෝදරිය, නිශ්ශබ්දව හිඳින්න. ඔහු නුඹේ සහෝදරයාය; මේ කාරණය සිතට නොගනින්නැයි ඈට කීවේය. තාමර් ඇගේ සහෝදර අබ්සලොම්ගේ ගෙයි අසරණ භාවයෙන් විසුවාය. දාවිත් රජ මේ සියලු දේ අසා ඉතා උදහස් විය. නුමුත් අබ්සලොම් අම්නොන්ට හොඳක්වත් නරකක්වත් කථා නොකෙළේය. මක්නිසාද තමාගේ සහෝදරීවූ තාමර්ට අම්නොන් අවනම්බු කළ බැවින් අබ්සලොම් ඔහුට වෛර බැන්දේය. මීට පුරා දෑවුරුද්දකට පසු එප්‍රායිම්ට නුදුරුවූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූවෝය. අබ්සලොම් සියලු රාජ පුත්‍රයන් කැඳෙවුවේය. ඔහු රජු වෙතට ඇවිත් කථාකොට: ඔබගේ මෙහෙකරුවාට බැටළුලොම් කපන්නෝ සිටිති; ඉතින් රජුද තමන්ගේ සේවකයන්ද ඔබගේ මෙහෙකරුවා සමඟ අවමැනවියි කීවේය. රජද: නෑ, මාගේ පුත්‍රය, අපි සියල්ලෝම නොඑන්නෙමුව, ආවොත් නුඹට බරක් වේයයි අබ්සලොම්ට කීවේය. ඔහු පෙරැත්තකළ නුමුත් ඔහු යන්ට කැමති නොවීය, නුමුත් ඔහුට ආශීර්වාද කෙළේය. එකල අබ්සලොම්: එසේ නම් මාගේ සහෝදරවූ අම්නොන්ට අප සමඟ යන්ට අවසර ලැබේවයි කීවේය. ඔහු නුඹ සමඟ යන්නේ කුමටදැයි රජ ඇසුවේය. නුමුත් අබ්සලොම් ඔහුට පෙරැත්ත කෙළේය, එවිට ඔහු අම්නොන්ද රජුගේ සියලු පුත්‍රයන්ද ඔහු සමඟ යන්ට ඉඩදුන්නේය. අබ්සලොම් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: මෙන්න, බලන්න, අම්නොන්ගේ සිත මුද්‍රික පානයෙන් ප්‍රීතිවී තිබෙන විට–අම්නොන්ට පහරදෙන්නැයි මා නුඹලාට කීවාම ඔහු මරන්න, භයනොවෙන්න. නුඹලාට අණකෙළේ මම නොවෙම්ද? ධෛර්යවත්ව වික්‍රමාන්විතව සිටින්නැයි කීවේය. අබ්සලොම්ගේ වැඩකාරයෝ අබ්සලොම් අණකළ ලෙස අම්නොන්ට කළෝය. එවිට රජුගේ සියලු පුත්‍රයෝ නැගිට තම තමුන්ගේ අශ්වතරයන් පිට නැගී පලාගියෝය. ඔවුන් මාර්ගයෙහි යද්දී: අබ්සලොම් රජුගේ සියලු පුත්‍රයන් මැරුවේය, එක්කෙනෙක්වත් ඉතුරුව නැත කියා දාවිත්ට සැලවිය. එවිට රජ නැගිට තමාගේ වස්ත්‍ර ඉරාගෙන බිම වැතුරුණේය; ඔහුගේ සියලු සේවකයෝද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන ළඟ සිටියෝය. තවද දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත්‍රවූ යොනාදාබ් කථාකොට: රජුගේ පුත්‍රයන් වන ඒ යෞවනයන් සියල්ලන්ම ඔව්හු මැරුවෝයයි මාගේ ස්වාමියා නොසිතාවා; අම්නොන් පමණක් මළේය. මක්නිසාද අබ්සලොම්ගේ සහෝදරීවූ තාමර්ට අම්නොන් අවනම්බුකළදා පටන් අබ්සලොම් විසින් එය නියමකර තිබුණේය. ඒ නිසා සියලු රාජ පුත්‍රයෝ මළෝයයි සිතන හැටියට මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ කාරණය සිතට නොගතමැනවි. අම්නොන් පමණක් මළේයයි කීවේය. එහෙත් අබ්සලොම් පලාගියේය. රැකවලෙහි සිටි යෞවනයා තමාගේ ඇස් ඔසවා බැලූවිට මහත් සෙනඟක් කන්දේ පැත්තකින් තමා පිටිපස්සේ තිබුණ මාර්ගයෙහි එනවා දුටුවේය. යොනාදාබ් රජුට කථාකොට: අන්න රාජ පුත්‍රයෝ එන්නාහ. ඔබගේ මෙහෙකරුවා කී ලෙසම සිද්ධවී තිබේයයි කීවේය. තවද ඔහු කථාකොට නිමවූ විට රාජ පුත්‍රයෝ ඇවිත් ශබ්දනගා ඇඬුවෝය. රජද ඔහුගේ සියලු සේවකයෝද අතිශයින් ඇඬුවෝය.
2 සාමුවෙල් 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 සාමුවෙල් 13:1-36
3 Days
Many people have a hidden battle with lust and the enemy thrives in secrecy. When I was younger I battled with lust and pornography, until I experienced God's freedom. If you have been struggling with lust, true freedom is possible. Learn how to overcome it in this plan.
7 Days
How do you deal with hurt in your life? In this Plan, we will explore how hurt affected the relationship between King David and his son Absalom. Let us journey together towards healing and restoration from hurt over the next seven days.
21 Days
2 Samuel depicts the ascension and reign of King David following the death of Saul and Jonathan. David united the kingdom, established Jerusalem as the capital city, and extended the territory of Israel. At the crescendo of the book, God promises David that "your throne shall be established forever" (2 Samuel 7:16). Despite David's wickedness, God ultimately fulfills his promises to David through the person and work of Jesus Christ.
28 Days
This is the tenth installment of a Bible reading plan following the lectionary pattern, featuring daily readings from the Psalms, Old Testament, and New Testament. This month includes a daily reading of God's covenant with David from 1 Chronicles 17, intended to frame our understanding of the overarching Gospel narrative in which 2 Samuel plays a vital role. Each day also includes devotional primers to prepare your heart and mind for meaningful engagement with the Scriptures.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ