2 සාමුවෙල් 12:5-13

2 සාමුවෙල් 12:5-13 SROV

එවිට දාවිත්ගේ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව බොහෝසෙයින් ඇවිළ, ඔහු නාතාන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේක කළ මිනිහා මැරුම්කෑ යුතුය. ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය. එවිට නාතාන් දාවිත්ට කථාකොට: ඒ මනුෂ්‍යයා නුඹය. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකර මමම නුඹ සාවුල් අතින් ගළවාගතිමි. මම නුඹේ ස්වාමිහුගේ වංශයද නුඹේ ළයට නුඹේ ස්වාමිහුගේ භාර්යාවන්ද දුනිමි; ඉශ්‍රායෙල් සහ යූදා වංශයත් නුඹට දුනිමි; ඒ මදිනම් මම තවත් මේ මේ ආකාර දේ නුඹට දෙන්නෙමි. නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළුකොට සිතුවේ මක්නිසාද? නුඹ හිත්තීය උරියා කඩුවෙන් නසා ඔහුගේ භාර්යාව නුඹට භාර්යාව කොට ගත්තෙහිය, නුඹ වනාහි අම්මොන් පුත්‍රයන්ගේ කඩුවෙන් ඔහු මැරෙවුවෙහිය. ඉතින් නුඹ මා සුළුකොට සිතා හිත්තීය උරියාගේ භාර්යාව නුඹට භාර්යා කොට ගත් බැවින් කඩුව කිසිකලක නුඹේ වංශයෙන් පහනොවන්නේය. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹට විරුද්ධව නුඹේම පවුලෙන් විපත්ති උපදවා, නුඹේ ඇස් ඉදිරියේදී නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වාසියෙකුට දෙන්නෙමි; හෙතෙම මේ සූර්යයා ඉදිරියෙහි නුඹේ භාර්යාවන් සමඟ සයනයකරන්නේය. මක්නිසාද නුඹ ඒක රහසින්කෙළහිය. නුමුත් මම සියලු ඉශ්‍රායෙල්වරුන්ද සූර්යයාද ඉදිරියෙහි මේ දේ කරවන්නෙමියි කියනසේකැයි කීවේය. එවිට දාවිත්: මම ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමියි නාතාන්ට කීය. නාතාන්ද: ස්වාමීන්වහන්සේ නුඹේ පාපය පහකළසේක, නුඹ නොනස්නෙහිය.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 12:5-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය