2 සාමුවෙල් 10:9-14
2 සාමුවෙල් 10:9-14 SROV
ඉස්සරින්ද පස්සෙන්ද යුද්ධය තමාට විරුද්ධව යොදා තිබෙන බව යෝවාබ් දැක සියලු බලවන්ත ඉශ්‍රායෙල්වරුන්ගෙන් පංගුවක් තෝරාගෙන සිරියවරුන්ට විරුද්ධව සිටුවා, අනික් සෙනඟ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සිටුවන පිණිස ඔවුන් තමාගේ සහෝදරවූ අබිෂයි අතට භාරදී කථාකොට; සිරියවරුන් මට වඩා බලවත්වුණොත් නුඹ මට උපකාරකරන්න. අම්මොන් පුත්‍රයන් නුඹට වඩා බලවත්වුණොත් මම ඇවිත් නුඹට උපකාරකරන්නෙමි. ධෛර්යවත්ව සිටින්න, අපේ සෙනඟ උදෙසාත් අපේ දෙවියන්වහන්සේගේ නුවරවල් උදෙසාත් බලවත්ව සිටිමු. ස්වාමීන්වහන්සේ තමන්ට යහපත්ව පෙනෙන ලෙස කරනසේක්වයි කීය. මෙසේ යෝවාබ්ද ඔහු සමඟ සිටි සෙනඟද සිරියවරුන්ට විරුද්ධව සටනට ළංවූහ. එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය. සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයෝ දැක ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් අම්මොන් පුත්‍රයන් වෙතින් යෙරුසලමට හැරී ආයේය.

