2 රාජාවලිය 8:1-6

2 රාජාවලිය 8:1-6 SROV

තවද එලිෂා විසින් නැවත පණ දුන්නාවූ ළමයාගේ මවුට ඔහු කථාකොට: නුඹේ ගෙයි වැසියන් සමඟ නුඹ පිටත්ව ගොස් නුඹට සිටින්ට පුළුවන් තැනක සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සාගතයක් නියමකර තිබේ; එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනවා ඇතැය කීවේය. ඒ ස්ත්‍රී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ වචනය ලෙස කරමින් ඇගේ ගෙයි වැසියන් සමඟ පිටත්ව ගොස් පිලිස්තිවරුන්ගේ දේශයෙහි සත් අවුරුද්දක් සිටියාය. සත් අවුරුද්ද කෙළවරදී ඒ ස්ත්‍රී පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී ආවාය. තවද ඈ ඇගේ ගෙය සහ බිම් ගැන රජුට අයදින්ට පිටත්ව ආවාය. එකල්හි රජ: එලිෂා කළාවූ සියලු මහත් දේවල් මට කියන්නැයි කියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ වැඩකාර ගෙහාසී සමඟ කථාකරකර සිටියේය. ඔහු විසින් මළ කෙනෙකු ජීවත්කළ හැටි රජුට කියද්දීම, බලව, එසේ ඔහු විසින් නැවත පණ දුන්නාවූ ළමයාගේ මවු තමාගේ ගෙය සහ බිම් ගැන රජුට අයැද සිටියාය. ගෙහාසී: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මෑ ඒ ස්ත්‍රීය, මේ එලිෂා විසින් නැවත පණ දුන් ඇගේ පුත්‍රයායයි කීය. රජුද ස්ත්‍රීගෙන් ඇසූ විට ඈ ඔහුට කීවාය. තවද රජ තෙමේ ඈ ගැන එක්තරා මුලාදෑනියෙකු නියමකොට: ඈට අයිතිවූ සියල්ලද ඈ දේශය අත්හැර ගිය දා පටන් මේ වන තුරු බිමෙන් හටගත් සියලු ඵලද ඈට ලබදෙන්නැයි කීවේය.

මෙයට අදාළ වීඩියෝ

2 රාජාවලිය 8:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය