2 රාජාවලිය 19:1-7

2 රාජාවලිය 19:1-7 SROV

හෙසකියා රජ ඒ අසා තමාගේ ඇඳුම් ඉරා, ගෝණි රෙදි පෙරවාගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වුණේය. තවද ඔහු රජගෙදර ප්‍රධානියා වන එලියාකිම්ද ෂෙබ්නා ලේකම්ද පූජකයන්ගේ වැඩිමහල්ලන්ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ළඟට ඇරියේය. ඔව්හු ඔහුට කථාකොට: හෙසකියා මෙසේ කියන්නේය–අද දවස දුකද තරවටුවද අපහාසයද ඇති දවසක්ය. මක්නිසාද ළදරුවෝ බිහිවෙන්ට ළංව සිටිති, නුමුත් බිහිකරන්ට ශක්තිය නැත. ජීවමාන දෙවියන්වහන්සේට අපහාස කරන්ට අෂූර්හි රජු විසින් එවුවාවූ, ඔහුගේ සේවකවූ රබ්-ෂාකේගේ සියලු වචන සමහරවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අසා ඒ ඇසූ වචනවලට උන්වහන්සේ ප්‍රති තර්ජනයක් කරනසේක. එබැවින් තවම ඉතුරුව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පුකරන්නැයි කියන්නේයයි කීවෝය. මෙසේ හෙසකියා රජුගේ මෙහෙකරුවෝ යෙසායා ළඟට පැමුණුණෝය. යෙසායා ඔවුන්ට කථාකොට: නුඹ ඇසුවාවූ, අෂූර්හි රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කීවාවූ වචනවලට භයනොවන්න. ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරීයන ලෙස මම ඔහු පිටට ආත්මයක් පමුණුවා, ඔහුගේ දේශයේදී ඔහු කඩුවෙන් වැටෙන්ට සලස්වන්නෙමියි කියනසේකැයි නුඹලාගේ ස්වාමියාට දන්වන්නැයි කීවේය.

2 රාජාවලිය 19:1-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය