2 කොරින්ති 2:4-11

2 කොරින්ති 2:4-11 SROV

මක්නිසාද බොහෝ දුක්වලින්ද හෘදය වේදනාවෙන්ද බොහෝ කඳුළෙන්ද යුක්තව නුඹලාට ලිවීමි. එසේ කළේ නුඹලා ශෝකයට පත්කරන්ට නොව නුඹලා කෙරෙහි ඇත්තාවූ මාගේ ඉතා මහත් ප්‍රේමය නුඹලා විසින් දැනගන්නා පිණිසය. එහෙත් යමෙක් ශෝක ඉපදෙවූවේ නම් ඔහු මට නොව, පමණක් දුරට නුඹලා සියල්ලන්ටම ශෝක ඉපදෙවූවේය. මෙසේ කියන්නේ පමණට වඩා බර නොකරන පිණිසය. බොහෝ දෙනා විසින් පමුණුවනලද මේ දඬුවම එබඳු තැනැත්තාට ඇත. අනික් අතට එබඳු තැනැත්තා යම් විධියකින් ඔහුගේ අධික ශෝකයෙහි ගිලී නැති නොවන පිණිස ඔහුට කමාවෙන්ටද ඔහු සනසන්ටද ඊට වඩා නුඹලාට යුතුය. එබැවින් ඔහු කෙරෙහි තිබෙන නුඹලාගේ ප්‍රේමය ස්ථිරකරන මෙන් නුඹලාගෙන් ඉල්ලමි. තවද මේ නිසා මා ලියුවෙත් සියල්ලෙහිදී නුඹලා කීකරුව සිටිනවාද කියා සෝදිසිකර දැනගන්නා පිණිසය. නුඹලා යමෙකුට යමක් ගැන කමාවෙනවා නම් මමත් කමාවෙමි. මම යමක් ගැන කමාවීම් නම්, එසේ කමාවී තිබෙන්නේ සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය, ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසාය. මක්නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ.

2 කොරින්ති 2:4-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය