2 1 වංශාවලිය 15
15
අසරියා ප්‍රොපේත තැන. ආසා රජුගේ වැඩ
1තවද දෙවියන්වහන්සේගේ ආත්මය ඕදෙද්ගේ පුත්‍රවූ අසරියා කෙරෙහි පැමිණියේය. 2ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යූදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, නුඹලා ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ නුඹලා සමඟ සිටිනසේක; නුඹලා උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත. 3බොහෝ කාලයක සිට ඉශ්‍රායෙල්වරු සැබෑවූ දෙවියන්වහන්සේ ද උගන්වන පූජකයෙක්ද ව්‍යවස්ථාවද නැතුව සිටියෝය. 4නුමුත් ඔවුන් තමුන්ගේ විපතේදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේ සෙවූ කල උන්වහන්සේ ඔවුන්ට සම්බවූසේක. 5ඒ කාලවලදී පිටත ගිය කෙනෙකුටවත් ඇතුළට ආ කෙනෙකුටවත් කිසි සමාදානයක් නැතුව දේශවල සියලු වැසියන්ට මහත් පීඩා පැමුණුණේය. 6ජාතියක් කරණකොටගෙන ජාතියක්ද නුවරක් කරණකොටගෙන නුවරක්ද පොඩිකරනු ලැබුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන් පෙළූසේක. 7එහෙත් නුඹලා අත්හෙළා නොගෙන ශක්තිමත් වෙන්න. මක්නිසාද නුඹලාගේ වැඩට විපාක ලැබෙන්නේයයි කීවේය. 8ආසා මේ වචනය ප්‍රොපේතවූ ඕදෙද්ගේ අනාගතවාක්‍යයද ඇසූ කල ධෛර්ය උපදවාගන, යූදාවරුන්ගෙත් බෙන්යමින්වරුන්ගෙත් මුළු දේශයෙන්ද එප්‍රායිම් කඳු රටින් තමා විසින් අල්ලාගත් නුවරවලින්ද පිළිකුල් දේවල් අහක්කෙළේය; ඔහු ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපය ඉදිරිපිට තිබුණු ස්වාමීන්වහන්සේගේ පූජාසනයද අලුත්වැඩියාකෙළේය. 9තවද ඔහු සියලු යූදාවරුන්ද බෙන්යමින්වරුන්ද ඔවුන් සමඟ එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද සිමියොන්ගෙන්ද ඇවිත් සිටියාවූ ආගන්තුකයන්ද රැස්කරගත්තේය. මක්නිසාද ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින බව දුටු කල ඉශ්‍රායෙල්ගෙන් බොහෝ දෙනෙක් ඔහුට එකතුවුණෝය. 10ආසාගේ රජකම්කිරීමේ පහළොස්වෙනි අවුරුද්දේ තුන්වෙනි මාසයේදී ඔව්හු යෙරුසලමට රැස්වූහ. 11ඔවුන් ගෙනාවාවූ කොල්ලයෙන් ගවයන් සත් සියයකුත් බැටළුවන් සත් දහසකුත් ස්වාමීන්වහන්සේට ඔව්හු ඒ දවසේ පූජාකළෝය. 12තවද ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද සොයන්ටත්, 13ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නොසොයන සියල්ලන් ලොකු වුවත් කුඩා වුවත් පුරුෂයෙක් වුවත් ස්ත්‍රියෙක් වුවත් මරණයට පත්කරන්ටත් ගිවිසුමක් කළෝය. 14ඔව්හු මහත් හඬද ඝෝෂාවද හොරණෑවලත් නළාවලත් ශබ්දයද ඇතුව ස්වාමීන්වහන්සේට දිවුරුම් දුන්නෝය. 15සියලු යූදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීතිවූහ. මක්නිසාද ඔව්හු තමුන්ගේ මුළු සිතින් දිවුරා, තමුන්ගේ මුළු කැමැත්තෙන් උන්වහන්සේ සෙවුවෝය; ස්වාමීන්වහන්සේද ඔවුන්ට සම්බව හාත්පසින්ම ඔවුන්ට විශ්‍රාමය දුන්සේක. 16ආසා රජුගේ මෑණියන්වූ මයකා විසින් අෂේරාට පිළිකුල් රූපයක් සෑදූ නිසා ආසා ඇය බිසෝකමෙන් අහක්කර, ඇගේ පිළිමය කපාදමා සුණුකර, කිද්‍රොන් ඔය ළඟදී එය පුලුස්සා දැමුවේය. 17නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් උස්තැන් පහකරනු නොලැබුවේය. එසේ වුවත් ආසාගේ සිත ඔහුගේ සියලු දවස්වලදී සම්පූර්ණව තිබුණේය. 18ඔහු තමාගේ පියා විසින්ද තමා විසින්ද කැප කළ රන් රිදී සහ බඩු දෙවියන්වහන්සේගේ ගෘහය ඇතුළට ගෙනාවේය. 19ආසාගේ රජකම්කිරීමේ තිස්පස්වෙනි අවුරුද්ද දක්වා තවත් යුද්ධ නොවීය.
දැනට තෝරාගෙන ඇත:
2 1 වංශාවලිය 15: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: