මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා වෙතට අපේ පැමිණීම නිෂ්ඵලවී නැති බව නුඹලාම දන්නහුය. නුඹලා දන්න හැටියට අපි ප්‍රථමකොට පිලිප්පියේදී දුක්ද නිග්‍රහද ලැබූ නුමුත්, මහත් පොරඇල්ලීමක් ඇතුව දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නුඹලාට කියාදෙන්ට අපගේ දෙවියන්වහන්සේ තුළ නිර්භීතවුණෙමුව. මක්නිසාද අපේ අනුශාසනාව මුළාවෙන්වත් අපවිත්‍රකමින්වත් වංචාවෙන් යුක්තවවත් නොවේය. නුමුත් ශුභාරංචිය භාරගැනීමට අපි සුදුස්සෝයයි දෙවියන්වහන්සේ අප ඒත්තුගත් ප්‍රකාරයටම, මනුෂ්‍යයන් නොව අපේ සිත් විමසන දෙවියන්වහන්සේව සතුටුකරන ලෙස කථාකරමුව. මක්නිසාද නුඹලා දන්නා හැටියට අප විසින් කිසිකලක ඉච්චා වචනවත් තණ්හාවේ උපායක්වත් ව්‍යවහාරකළේ නැත–දෙවියන්වහන්සේ සාක්ෂිය. අප ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන් හැටියට නුඹලාට බරක්වෙන්ට අපට පුළුවන්කම තිබුණු නුමුත්, නුඹලාගෙන්වත් අන්‍යයන්ගෙන්වත් මනුෂ්‍ය ගෞරවය නොසෙවුවෙමුව. එසේ නොව, කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව. එලෙස අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමුව. මක්නිසාද, සහෝදරයෙනි, අපේ වීර්යයත් වෙහෙසත් නුඹලාට මතක තිබේ. අපි නුඹලාගෙන් කිසිවෙකුට බර නොවන පිණිස රෑ දාවල් වැඩකරමින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නුඹලාට දේශනා කෙළෙමුව. අදහන්නාවූ නුඹලා අතරෙහි අපි කොපමණ ශුද්ධව ධර්මිෂ්ඨව නිදොස්ව හැසුරුණෙමුද කියා නුඹලාත් දෙවියන්වහන්සෙත් සාක්ෂිකාරයෝය.
1 තෙසලෝනික 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 තෙසලෝනික 2:1-10
4 Days
This plan will explore what the letter of 1 Thessalonians teaches us in four major areas. 1) WHO GOD IS: God’s character and nature 2) WHO WE ARE: the identity of humanity and/or believers 3) WHAT WE BELIEVE: core Christian doctrines 4) HOW WE LIVE: putting faith into action
5 Days
Paul’s encouraging letter to the Thessalonian church is a beautiful treatise on unity, sanctification, and the coming of Christ. 1 Thessalonians reminds us to remain sober and steadfast, hopefully anticipating the return of the Lord.
This plan offers a 5-day journey through the book of 1 Thessalonians, making it ideal for both individual and group study.
7 Days
The apostle Paul spent just a few weeks in Thessalonica, and there he started a church and shared the good news about Jesus’ resurrection and return. But once Paul left, misconceptions about Jesus’ return started creeping into the church. 1 Thessalonians is a heartfelt letter from Paul that provides hope while explaining how to live in the in-between, knowing Jesus will return but not knowing when.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ