1 සාමුවෙල් 8:10-18
1 සාමුවෙල් 8:10-18 SROV
එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට ස්වාමීන්වහන්සේගේ සියලු වචන කීවේය. ඔහු කථාකොට: නුඹලා කෙරෙහි රජකම්කරන්නාවූ රජුගේ අන්දම මෙසේ වන්නේය. ඔහු නුඹලාගේ පුත්‍රයන් ගෙන තමාගේ රථාචාර්යයන් හා අසරුවන් කොටද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිසද පත්කරගන්නේය. ඔහු ඔවුන් සහස්‍රාධිපතීන් කොටද පනසාධිපතීන් කොටද පත්කරගන්නේය. ඔහු සමහරුන් තමාගේ බිම් හාන්ටද තමාගේ ගොයම් කපන්ටද තමාගේ යුද්ධායුධත් රථායුධත් සාදන්ටද පත්කරගන්නේය. ඔහු නුඹලාගේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිසද කෑම උයන පිණිසද රොටි පුලුස්සන පිණිසද ගන්නේය. ඔහු නුඹලාගේ කෙත්ද මිදි වතුද ඔලීව වතුද අතරෙන් ඉතා හොඳ ඒවා අරන් තමාගේ සේවකයන්ට දෙන්නේය. නුඹලාගේ ධාන්‍යවලින්ද මුද්‍රිකඵලයෙන්ද දසයෙන් කොටසක් ගෙන තමාගේ ඇමතියන්ටත් සේවකයන්ටත් දෙන්නේය. නුඹලාගේ වැඩකාරයන්ද වැඩකාරියන්ද නුඹලාගේ ශෝභනවූ තරුණයන්ද නුඹලාගේ කොටළුවන්ද ගෙන තමාගේ වැඩට පත්කරගන්නේය. ඔහු නුඹලාගේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේය. නුඹලා ඔහුගේ සේවකයෝ වන්නහුය. ඒ දවසෙහි නුඹලා තෝරාගත් නුඹලාගේ රජු නිසා නුඹලා කෑගසනවා ඇත; නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී නුඹලාට උත්තරදෙන්නේ නැතැයි කීවේය.

