1 සාමුවෙල් 3:2-10

1 සාමුවෙල් 3:2-10 SROV

ඒ කාලයේ ඒලීගේ ඇස් හරියාකාර නොපෙනෙන ලෙස අඳුරුවෙන්ට පටන්ගෙන තිබුණේය. එකල ඒලී තමාගේ ස්ථානයෙහි සැතපෙද්දීත්, දෙවියන්වහන්සේගේ පෙට්ටිය තිබුණාවූ ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සාමුවෙල් නිදා ඉඳිද්දීත්, දෙවියන්වහන්සේගේ පහන නිවෙන්ට පළමුවෙන්, ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට හඬගැසූසේක. ඔහු: මම මෙහියයි කියා, ඒලී ළඟට දිවගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. ඔහුද: මම හඬනොගැසීමි; නැවත නිදාගන්නැයි කීවේය. ඔහු ගොස් නිදාගත්තේය. ස්වාමීන්වහන්සේ නැවතත්: සාමුවෙල් කියා හඬගැසූසේක. සාමුවෙල් නැගිට ඒලී ළඟට ගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. මාගේ පුත්‍රය, මම හඬනොගැසීමි; නැවතත් නිදාගන්නැයි ඔහු කීවේය. සාමුවෙල් ඒ වෙන තුරු ස්වාමීන්වහන්සේ නොහැඳින්නේය, ඒ වෙන තුරු ස්වාමීන්වහන්සේගේ වචනයද ඔහුට එළිදරව්නොවීය. ස්වාමීන්වහන්සේ තුන්වෙනි වරත් නැවත සාමුවෙල්ට හඬගැසූසේක. ඔහු නැගිට ඒලී ළඟට ගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. එවිට ස්වාමීන්වහන්සේ ළමයාට හඬගසන බව ඒලී දැනගත්තේය. එබැවින් ඒලී සාමුවෙල්ට කථාකොට: නුඹ ගොස් නිදාගන්න. නුඹට හඬගැසුවොත්– ස්වාමීන්වහන්ස, කථාකළමැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවාය කියා කියන්නැයි කීවේය. සාමුවෙල් ගොස් තමාගේ ස්ථානයෙහි නිදාගත්තේය. ස්වාමීන්වහන්සේ ඇවිත් සිට වෙන වතාවලදී මෙන්: සාමුවෙල්, සාමුවෙල් කියා හඬගැසූසේක. එවිට සාමුවෙල්: කථාකළ මැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවායයි කීවේය.

1 සාමුවෙල් 3:2-10 සඳහා වීඩියෝව

1 සාමුවෙල් 3:2-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය