1 රාජාවලිය 4
4
රජුගේ අධිපතියෝ
1සාලමොන් රජු මුළු ඉශ්රායෙල් කෙරෙහි රජව සිටියේය. 2ඔහුට සිටි අධිපතීහු මොව්හුය: ශාදොක්ගේ පුත්‍රවූ අශරියා පූජකයාය; 3ෂීෂාගේ පුත්‍රයෝවූ එලීහොරෙප්ද අහියාද ලේකම්වරුය; අහිලූද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාට් වාර්තාකරුවාය; 4යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා සේනාපතියාය; ශාදොක්ද අබියාතර්ද පූජකයෝය; 5නාතාන්ගේ පුත්‍රවූ අශරියා මූලාදෑනීන්ගේ නායකයාය; නාතාන්ගේ පුත්‍රවූ සාබූද් ඇමතියෙක්ව රජුගේ මිත්‍රයාව සිටියේය; 6අහිෂාර් වනාහි රජගෙදර ප්රධානියාය. අබ්දාගේ පුත්‍රවූ අදොනිරම් රාජකාරියේ මුලාදෑනියාය. 7රජුටත් ඔහුගේ ගෘහ වාසීන්ටත් ආහාර සපයන පිණිස සාලමොන්ගේ මුලාදෑනීන් දොළොස්දෙනෙක් මුළු ඉශ්රායෙල් කෙරෙහි පත්ව සිටියෝය. එසේ සපයාදීම එකිනෙකාට වැටුණේ අවුරුද්දකට මාසයක් බැගින්ය. 8ඔවුන්ගේ නාම මේය: එප්‍රායිම් කඳු රටේ සිටිය බෙන්-හූර්ය. 9මාකශ්හිද ෂයාල් බිම්හිද බෙත්-ෂෙමෙෂ්හිද ඒලොන්-බෙන්-හානාන්හිද සිටිය බෙන්-දෙකෙර්ය. 10අරුබ්බෝත්හි බෙන්-හෙසෙද්ය; ඔහුට සෝකොව සහ මුළු හේපෙර් රටද වැටුණේය. 11දොර් නම් කඳුකරය මුළුල්ලෙහි සිටිය බෙන්-අබිනාදාබ්ය; ඔහුගේ භාර්යාව සාලමොන්ගේ දුවවූ තාපත්ය. 12අහිලූද්ගේ පුත්‍රවූ බානාට තයනාක්ද මෙගිද්දෝද ශාරෙතාන්ට කිට්ටුව යෙස්‍රෙයෙල්ට පහළින් තිබෙන මුළු බෙත්-ෂෙයාන්ද වැටුණේය. ඒ පළාත බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වාද යොක්මෙයාම්ට එහා සීමා දක්වාද පිහිටා තිබේ. 13රාමොත්-ගිලියද්හි සිටිය බෙන්-ගෙබර්ය. ගිලියද්හි තිබෙන්නාවූ, මනස්සේගේ පුත්‍රවූ යායිර්ගේ නුවරවලුත් පවුරුද පිත්තල අගුල්ද ඇති මහා නුවරවල් හැටක් සහිත බාෂාන්හි අර්ගොබ් පළාතත් ඔහුට වැටුණේය. 14මහනායිම්හි සිටිය ඉද්දෝගේ පුත්‍රවූ අහිනාදාබ්ය. 15නප්තලීහි සිටිය අහිමාශ්ය; ඔහුද සාලමොන්ගේ දුවූ බාසෙමත් භාර්යා කොට පාවාගත්තේය. 16ආෂෙර්හිද බෙයාලොත්හිද සිටිය හූෂයිගේ පුත්‍රවූ බානාය. 17ඉස්සාඛර්හි සිටිය පරුවාගේ පුත්‍රවූ යෙහෝෂාපාට්ය. 18බෙන්යමින්හි සිටිය ඒලාගේ පුත්‍රවූ ෂිමෙයිය. 19අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේද බාෂාන්හි රජවූ ඕග්ගේද දේශයවූ ගිලියද් දේශයෙහි සිටිය උරීගේ පුත්‍රවූ ගෙබෙර්ය; ඒ දේශයෙහි සිටියේ එක මුලාදෑනියෙක්ය.
සාලමොන්ගේ රාජෛශ්වර්යය
20යූදාවරු ද ඉශ්රායෙල්වරු මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධිකව සිටියෝය, ඔව්හු කමින් බොමින් ප්‍රීතිවෙමින් පසුවූහ.
21සාලමොන් වනාහි ප්‍රාත් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔව්හු කප්පන් ගෙනැත්දී සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට සේවයකළෝය. 22දවසකට සාලමොන්ගේ ආහාර මෙසේය: සිහින් පිටි කෝර තිහක්ය, වෙන පිටි කෝර සැටක්ය. 23මුවන්ද තිත්මුවන්ද රතුමුවන්ද තරකළ පක්ෂීන්ද හැර තර හරක් දසදෙනෙකුත් කෙතේ හරක් විසි දෙනෙකුත් බැටළුවන් සියයකුත්ය. 24මක්නිසාද ඔහු තිප්සා පටන් ගාශා දක්වාම ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශයද ගංගාවෙන් මෙගොඩ සියලු රජුන්ද කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔහු අවට සෑම දිශාවලද ඔහුට සමාදානය තිබුණේය. 25සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යූදාවරුද ඉශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසයකළෝය. 26සාලමොන්ට ඔහුගේ රථවලට ගාල් සතළිස් දහසක අශ්වයෝ සිටියෝය, අසුරුවන් දොළොස් දහසක්ද සිටියෝය. 27ඒ මුලාදෑනීන් එකිනෙකා තම තමාට නියම මාසයේදී සාලමොන් රජුටද සාලමොන් රජුගේ මේසයට ආවාවූ සියල්ලන්ටද කිසිවක් අඩුවෙන්ට ඉඩ නෑර ආහාර සපයාදුන්නේය. 28ඔවුන් එකිනෙකා තම තමාට නියමවී තිබුණු හැටියට අශ්වයන්ටත් සෛන්ධවයන්ටත් යව සහ පිදුරු නියම ස්ථානයට ගෙනාවේය.
29දෙවියන්වහන්සේ ඉතා මහත් ප්රඥාවකුත් ඥානයකුත් මුහුදු වෙරළේ වැල්ලමෙන් විශාලවූ සිහියකුත් සාලමොන්ට දුන්සේක. 30සාලමොන්ගේ ප්‍රඥාව පූර්වදිග රටවල සියලු ජනයාගේ ප්‍රඥාවටත් මිසරවරුන්ගේ මුළු ප්‍රඥාවටත් වඩා මහත්ව තිබුණේය. 31මක්නිසාද ඔහු සියලු මනුෂ්‍යයන්ටද එශ්‍රාහිය ඒතාන්ටද මාහොල්ගේ පුත්‍රයන්වූ හේමන්ටද කල්කොල්ටද දර්දාටද වඩා ප්‍රඥාවන්තව සිටියේය. ඔහුගේ කීර්තියද අවට සිටි සියලු ජාතීන් අතරේ පතළවී ගියේය. 32ඔහු උපදේශවාක්‍ය තුන්දහසක් කීවේය. ඔහුගේ ගීතිකාද එක්දාස් පහක්ය. 33ඔහු ලෙබනොන්හි තිබෙන කිහිරි ගස පටන් භිත්තියෙන් හටගන්න හිසොප් ගහ දක්වා ගස් ගැන කථාකෙළේය. ඔහු මෘගයන්ද පක්ෂීන්ද බඩගා යන සතුන්ද මත්ස්‍යයන්ද ගැනත් කථාකෙළේය. 34ඔහුගේ ප්‍රඥාව ගැන ඇසුවාවූ පොළොවේ සියලු රජුන් වෙතින් සියලු වර්ගයන් කෙරෙන් මනුෂ්‍යයෝ සාලමොන්ගේ ප්‍රඥාව අසන්ට ආවෝය.
දැනට තෝරාගෙන ඇත:
1 රාජාවලිය 4: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: