මෙසේ ඉශ්රායෙල් රජද යූදාහි රජවූ යෙහෝෂාපාට්ද රාමොත්-ගිලියද්ට ගියෝය. ඉශ්රායෙල් රජ යෙහෝෂාපාට්ට කථාකොට: මම වෙස් මාරුකරගන යුද්ධයට පැමිණෙමි; නුමුත් ඔබ ඔබගේම වස්ත්‍ර පැළඳගත මැනවැයි කීවේය. එසේ ඉශ්රායෙල් රජ වෙස් මාරුකරගන යුද්ධයට ගියේය. සිරියේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කථාකොට: නුඹලා ඉශ්රායෙල් රජුට විරුද්ධව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධව සටන් නොකරන්නැයි අණකර තිබුණේය. තවද රථාධිපතීහු යෙහෝෂාපාට් දුටුකල: මොහු ඉශ්රායෙල් රජමයයි කියා ඔහුට විරුද්ධව සටන්කරන්ට හැරුණෝය. එවිට යෙහෝෂාපාට් මොරගැසීය. ඒ ඉශ්රායෙල් රජු නොවන බව දැක රථාධිපතීහු ඔහු වෙතින් හැරී ගියෝය. නුමුත් එක් මනුෂ්‍යයෙක් අහම්බෙන් දුන්න තැත්කවා ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේය. එවිට ඔහු: නුඹේ අත දමා මා සේනාවෙන් පිටතට ගෙනියන්න; මට බොහෝ තුවාලවීයයි රථචාරියාට කීය. ඒ දවසේ යුද්ධය තදබල වුණේය. රජතෙමේ සිරියවරුන්ට ඉදිරිපිටින්, ආධාර ඇතුව රථයේ කෙලින් සිටුවනුලැබ, සවස මළේය. තුවාලයෙන් ලේ රථයේ පතුලට ගලාගෙන ගියේය. එක එක මනුෂ්‍යයා තම තමාගේ නුවරටත් රටටත් යේවයි කියා ඉර බහින වේලේ සේනාව මුළුල්ලෙහි ප්රසිද්ධයක් කරනලද්දේය. මෙසේ රජ මැරී සමාරියට ගෙනයන ලද්දේය; ඔව්හු රජු සමාරියේ තැන්පත්කළෝය. තවද ඔව්හු වේශ්‍යාවන් නාන තැනවූ සමාරියේ පොකුණෙන් රථය සේදුවෝය; ස්වාමීන්වහන්සේ කී වචනයේ හැටියට බල්ලෝ ඔහුගේ ලේ ලෙවකෑවෝය. ආහබ්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහු සෑදූ ඇත් දත් ගෙයද ගොඩනැගූ සියලු නුවරවල්ද ඉශ්රායෙල් රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද? මෙසේ ආහබ් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; ඔහුගේ පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජ වුණේය.
1 රාජාවලිය 22 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 රාජාවලිය 22:29-40
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ