1 රාජාවලිය 17:10-12

1 රාජාවලිය 17:10-12 SROV

එහෙයින් ඔහු පිටත්ව ශාරෙපත්ට ගොස් නුවර දොරකඩට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියෙක් එහි දර අවුලනවා දැක, ඈට අඬගසා: කරුණාකර මට බොන්ට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැයි කීවේය. ඈ ඒ ගෙනෙන්ට යන අතර ඔහු ඈට අඬගසා: කරුණාකර නුඹේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනෙන්නැයි කීවේය. එවිට ඈ කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මුට්ටියක පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මා සහ මාගේ පුත්‍රයා විසින් කාලා නහින පිණිස ඒවා සාදා ගන්ට දර කෑලි දෙකක් අවුලමියි කීවාය.