1 රාජාවලිය 16
16
නාදාබ් සහ බාෂා ඉශ්‍රායෙල් කෙරෙහි රජවීම
1එවිට ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාට විරුද්ධව හනානීගේ පුත්‍රවූ යේහු වෙතට පැමිණ කථාකොට: 2මම දූවිල්ල කෙරෙන් නුඹ උසස්කර මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කෙළෙමි; නුමුත් නුඹ යෙරොබොවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින් තමුන්ගේ පාපවලින් මා කෝපකරවන හැටියට මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්වූ බැවින්, 3මම බාෂා හා ඔහුගේ වංශය සහමුලින්ම පිසදමා, නුඹේ වංශය නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ වංශය මෙන් වෙන්ට සලස්වන්නෙමි. 4නුවරදී මැරෙන බාෂාට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන ඔහුට අයිති කෙනෙකු ආකාශයේ පක්ෂීන් විසින් කනවා ඇතැයි කීවේය. 5බාෂාගේ අනික් කාරණාද ඔහු කළ දේවල්ද ඔහුගේ බලවන්තකම්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 6බාෂා තමාගේ පියවරුන් සමඟ සැතපී තිර්ශාහි තැන්පත්කරන ලද්දේය; ඔහුගේ පුත්‍රවූ ඒලා ඔහු වෙනුවට රජ වුණේය. 7ඇරත් හනානීගේ පුත්‍රවූ යේහු අනාගතවක්තෘ අතින් ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාටත් ඔහුගේ වංශයටත් විරුද්ධව පැමුණුණේ ඔහු යෙරොබොවම්ගේ වංශයට සමානවෙන හැටියට තමාගේ අත් වැඩවලින් ස්වාමීන්වහන්සේ කෝපකරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි කළාවූ සියලු නපුරුකම් නිසාත් ඔහු ඒ වංශය නැසූ නිසාත්ය.
ඒලා, බාෂා, සිම්රි සහ ඔම්රි යන ඉශ්‍රායෙල් රජවරු
8යූදාහි රජවූ ආසාගේ විසි හවෙනි අවුරුද්දේදී බාෂාගේ පුත්‍රවූ ඒලා ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජ වී තිර්ශාහි දෑවුරුද්දක් රජකම්කෙළේය. 9ඔහුගේ රථවලින් දෙකෙන් කොටසකට අධිපතියාව සිටි ඔහුගේ සේවකවූ සිම්රි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහු තිර්ශාහි ගෙදර ප්‍රධානියාවූ අරිශාගේ ගෙයිදී බීමත්වී සිටින අතර, 10සිම්රි ඇතුල්වී යූදාහි රජවූ ආසාගේ විසි හත්වෙනි අවුරුද්දේදී ඔහුට පහරදී ඔහු මරා, ඔහු වෙනුවට රජවුණේය. 11තවද ඔහු රජවී තමාගේ සිංහාසනය පිට හිඳගත් වහාම බාෂාගේ නෑයන්ගෙන්වත් මිත්‍රයන්ගෙන්වත් කිසි පිරිමියෙක්වත් ඔහුට ඉතුරුනොකොට ඔහුගේ වංශයේ සියල්ලන්ට පහරදුන්නේය. 12මෙසේ සිම්රි බාෂාගේ මුළු වංශය විනාශකළේ බාෂාද ඔහුගේ පුත්‍රවූ ඒලාද තමන්ගේ නිරර්ථක රූපවලින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවමින් ඔවුන් විසින් කළාවූද, 13ඉශ්‍රායෙල්ට කරන්ට සැළැස්සුවාවූද ඔවුන්ගේ සියලු පාපවල් නිසා ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යේහු ලවා බාෂාට විරුද්ධව කියෙවූ උන්වහන්සේගේ වචනයේ හැටියටය. 14ඒලාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?
15යූදාහි රජවූ ආසාගේ විසි හත්වෙනි අවුරුද්දේදී සිම්රි තිර්ශාහි සත් දවසක් රජකම්කෙළේය. එවිට සෙනඟ පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන්ට විරුද්ධව කඳවුරු බැඳගෙන සිටියෝය. 16සිම්රි කුමන්ත්‍රණයකොට රජුටත් පහරදුන්නේය කියා කඳවුරු බැඳගෙන සිටි සෙනඟ ඇසූ විට සියලු ඉශ්‍රායෙල්වරු සේනාපතිවූ ඔම්රී ඒ දවසේ කඳවුරේදී ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකමට පත්කළෝය. 17ඔම්රීද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ගිබ්බෙතෝන් සිට ගොස් තිර්ශා වටලාගත්තෝය. 18තවද නුවර අල්ලාගත් බව සිම්රි දුටු විට ඔහු රජගෙයි බලකොටුවට ඇතුල්වී රජගෙට ගිනිලාගෙන මෙළේය. 19එසේ වුණේ ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරමින් යෙරොබොවම්ගේ මාර්ගයෙහිද ඉශ්‍රායෙල්ට පව්කරන්ට සලස්වන ලෙස ඔහු කළාවූ පාපයේ හැටියටද හැසිරෙමින් ඔහු කළාවූ පාපවල් නිසාය. 20සිම්රිගේ අනික් ක්‍රියාද ඔහු කළ ද්‍රෝහිකම්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?
21එකල ඉශ්‍රායෙල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත්‍රවූ තිබ්නී රජකරගන්ට ඔහුට එකතුවුණේය; අනික් කොටස ඔම්රීට එකතුවුණේය. 22නුමුත් ඔම්රීට එකතුවුණ සෙනඟ ගීනත්ගේ පුත්‍රවූ තිබ්නීට එකතුවුණ සෙනඟ පරාජය කළෝය. මෙසේ තිබ්නී මෙළේය, ඔම්රී රජවුණේය. 23යූදාහි රජවූ ආසාගේ තිස් එක්වෙනි අවුරුද්දේදී ඔම්රී ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී දොළොස් අවුරුද්දක් රජකම්කෙළේය. තිර්ශාහි ඔහු අවුරුදු හයක් රජකම්කෙළේය. 24ඔහු සමාරිය කන්ද රිදී තලෙන්ත දෙකකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි ගොඩනගා, තමා ගොඩනැගූ නුවරට කන්ද අයිතිකාරයාවූ ෂෙමෙර්ගේ නාමය ප්‍රකාර සමාරිය යන නම තැබුවේය. 25ඔම්රී ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට තමාට පළමුවෙන් සිටි සියල්ලටම වඩා දුෂ්ටලෙස ක්‍රියාකෙළේය. 26මක්නිසාද ඔහු නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ සියලු මාර්ගවලද තමාගේ නිරර්ථක රූපවලින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට ඉශ්‍රායෙල්ට පව් කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපවල හැටියටද හැසුරුණේය. 27ඔම්රී කළාවූ අනික් ක්‍රියාද ඔහු කළ බලවන්තකම්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? 28ඔම්රී තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආහබ් ඔහු වෙනුවට රජවුණේය.
ආහබ් රජකමට පැමිණීම
29යූදාහි රජවූ ආසාගේ තිස් අටවෙනි අවුරුද්දේදී ඔම්රීගේ පුත්‍රවූ ආහබ් ඉශ්‍රායෙල් කෙරෙහි රජ වී, සමාරියේ විසි දෑවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කෙළේය. 30ඔම්රීගේ පුත්‍රවූ ආහබ්ද තමාට පළමුවෙන් සිටි සෑමදෙනාට වඩා ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. 31තවද ඔහු නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවල හැසුරුණා මදිවාක් මෙන් ශීදොන්වරුන්ගේ රජවූ එත්බාල්ගේ දූවූ යෙසෙබෙල් භාර්යාකොට පාවාගත්තේය, ඔහු ගොස් බාල්ට සේවය කරමින් නමස්කාරකෙළේය. 32තවද ඔහු සමාරියේ ගොඩනැගූ බාල්ගේ ගෘහයෙහි බාල්ට පූජාසනයක් සෑදුවේය. ආහබ් අෂේරා කණුත් සෑදුවේය; 33ආහබ් තෙම තමාට පළමු සිටි සියලු ඉශ්‍රායෙල් රජුන්ටත් වඩා ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකරවීමට කාරණා කෙළේය. 34ඔහුගේ කාලයේදී බෙතෙලීය හීයෙල් විසින් යෙරිකෝව ගොඩනගනලද්දේය. ස්වාමීන්වහන්සේ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ලවා කියෙවු උන්වහන්සේගේ වචනය ලෙස ඔහු ඒකේ අත්තිවාරම දමන විට ඔහුගේ කුලුඳුළාවූ අබීරාම්ද ඔහු ඒකේ දොරටු පිහිටුවන විට ඔහුගේ බාල පුත්‍රවූ සෙගුබ්ද නැසුණෝය.
දැනට තෝරාගෙන ඇත:
1 රාජාවලිය 16: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: