1
රෝම 6:23
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද පාපයේ කුලිය මරණයයි. එහෙත් දෙවියන්වහන්සේගේ තිළිණ දීමනාව, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ සදාතන ජීවනයයි.
සසඳන්න
රෝම 6:23 ගවේෂණය කරන්න
2
රෝම 6:14
මන්ද ඔබ ව්‍යවස්ථාව යටතේ නො ව, අනුග්‍රහය යටතේ සිටින බැවින්, පාපයට ඔබ කෙරේ ස්වාමිකත්වයක් නැත.
රෝම 6:14 ගවේෂණය කරන්න
3
රෝම 6:4
එබැවින් අපි උන්වහන්සේ සමඟ බව්තීස්මය මගින් මරණයට පත් ව, වළලනු ලැබීමු. එසේ වූයේ පියාණන්වහන්සේගේ තේජෝ බලයෙන් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේ ම, අපත් ජීවිතය අලුත්කමකින් ගත කරන පිණිස ය.
රෝම 6:4 ගවේෂණය කරන්න
4
රෝම 6:13
ඔබගේ අවයව දුෂ්ටකමට උපකරණ සේ යෙදවීමට, පාපයේ කැමැත්තට බාර නො දී, මරණයෙන් ජීවනයට පැමිණියකු සේ ඔබ දෙවියන්වහන්සේට බාර වී, ඔබේ අවයව ධර්මිෂ්ඨකමට උපකරණ සේ දෙවියන්වහන්සේට බාර දෙන්න.
රෝම 6:13 ගවේෂණය කරන්න
5
රෝම 6:6
තවදුරටත් පාපයේ වහල් බවට පත් නො වන්නට, පාපයේ ශරීරය නැති වන පිණිස, අපගේ පැරණි මනුෂ්‍යයා, උන්වහන්සේ සමඟ කුරුසිපත් කරන ලද බැව් අපි දනිමු.
රෝම 6:6 ගවේෂණය කරන්න
6
රෝම 6:11
එලෙස ම ඔබත්, පාපයට මැරී, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්වන්නන් වග කල්පනාවට ගන්න.
රෝම 6:11 ගවේෂණය කරන්න
7
රෝම 6:1-2
එසේ නම් කුමක් කියන්නෙමු ද? අනුග්‍රහය බහුල වන පිණිස, අප දිගට ම පවෙහි ගැලෙනවා ද? කොහෙත් ම නැත! පාපයට මළා වූ අප, තවදුරටත් එහි ජීවත් වන්නේ කෙසේ ද?
රෝම 6:1-2 ගවේෂණය කරන්න
8
රෝම 6:16
යමකුට වහලුන් සේ අවනත වීමට ඔබ ඉදිරිපත් වේ නම්, එය මරණයට ගෙන යන පාපය හෝ ධර්මිෂ්ඨකමට ගෙන යන කීකරුකමට හෝ එසේ අවනත වන දේට, ඔබ වහලකු වන බව දන්නේ නැති ද?
රෝම 6:16 ගවේෂණය කරන්න
9
රෝම 6:17-18
එහෙත් දෙවියන්වහන්සේට ස්තුති වේවා, කලක් පාපයේ වහලුන් ව සිටි ඔබ, දැන් ඔබට බාර දෙන ලද ඉගැන්වීම් පිළිවෙතට හදවතින් ම අවනත ව, පාපයෙන් නිදහස් කරනු ලැබ, ධර්මිෂ්ඨකමේ වහලුන් බවට පත් ව සිටිති.
රෝම 6:17-18 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ