1
එළිදරවු 8:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
බැටළු පැටවාණන් හත් වන මුද්‍රාව කැඩූ කල, අඩ පැයකට පමණ ස්වර්ගයේ නිහැඬියාවක් විය.
සසඳන්න
එළිදරවු 8:1 ගවේෂණය කරන්න
2
එළිදරවු 8:7
පළමු දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ලේ මිශ්‍ර ගල් වැස්සක් හා ගිනි හටගැනී, ඒවා පොළොව පිටට හෙළනු ලැබී ය. එයින්, පොළොවෙන් තුනෙන් එකක් දවා දැමිණ. ගස්වලින් තුනෙන් එකක් දවා දැමිණ. අමු තණකොළ සියල්ල ද දවා දැමිණ.
එළිදරවු 8:7 ගවේෂණය කරන්න
3
එළිදරවු 8:13
මා බලා සිටියදී ඉහළ අහසේ පියාසර කරමින් සිටි රාජාලියකු උස් හඬින් මෙසේ මොර ගසනු මට ඇසිණි. “දේව දූතයින් තුන් දෙනා පිඹින්නට යන අනෙක් හොරණෑ නාද නිසා, මිහි පිට වාසීනට දුක් වේ! දුක් වේ! දුක් වේ!”
එළිදරවු 8:13 ගවේෂණය කරන්න
4
එළිදරවු 8:8
දෙවන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ගිනි ඇවිළෙන යෝධ කන්දක් වැනි යමක් මුහුදට හෙළනු ලැබී ය. මුහුදින් තුනෙන් එකක් ලෙයට හැරිණ.
එළිදරවු 8:8 ගවේෂණය කරන්න
5
එළිදරවු 8:10-11
තුන් වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට මහත් තරුවක් ගිනි හුළක් සේ ඇවිළෙමින්, ගංගාවල තුනෙන් එකක් පිට ද දිය උල්පත් පිට ද අහසේ සිට කඩා වැටිණ. ඒ තරුවේ නම “තිත්ත” ය. ජලයෙන් තුනෙන් එකක් ඉන් තිත්ත විණි. තිත්ත ව තිබූ ඒ ජලයෙන් බොහෝ දෙනා මළහ.
එළිදරවු 8:10-11 ගවේෂණය කරන්න
6
එළිදරවු 8:12
සිවු වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට හිරුගෙන් තුනෙන් එකකට ද සඳුගෙන් තුනෙන් එකකට ද තරුවලින් තුනෙන් එකකට ද පහර දෙනු ලැබී ය. එසේ වූයේ ඒවායින් තුනෙන් එකක් අඳුරු වන පිණිසත්, දහවලෙන් තුනෙන් එකක් නො බබළන පිණිස හා රැයෙන් තුනෙන් එකකට එය ම වන පිණිසත් ය.
එළිදරවු 8:12 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ