1
එළිදරවු 3:20
සිංහල කාලීන පරිවර්තනය
SCV
මෙන්න! මම දොර ළඟ සිටගෙන, තට්ටු කරමි. මගේ කටහඬ අසා යමෙක් දොර අරින්නේ නම්, මම ඇතුළු ව ඔහු හා එක් ව අහර ගන්නෙමි. ඔහු ද මා සමඟ අහර ගනු ඇත.
සසඳන්න
එළිදරවු 3:20 ගවේෂණය කරන්න
2
එළිදරවු 3:15-16
“මම ඔබේ වැඩ දනිමි; ඔබ සිසිල් ව හෝ උණුසුම් ව හෝ නැත. ඔබ සිසිල් ව හෝ උණුසුම් ව හෝ සිටියි නම් කැමැත්තෙමි! මෙසේ, ඔබ උණුසුම් ව හෝ සිසිල් ව හෝ නො සිට ඇල්මැරුණු ගතියෙන් යුතු බැවින්, මගේ මුවින් මම ඔබ වමාරන්නෙමි.
එළිදරවු 3:15-16 ගවේෂණය කරන්න
3
එළිදරවු 3:19
“මා ප්‍රේම කරන අයට මම තරවටු කොට හික්මවමි. එබැවින් උද්යෝගිමත් වන්න. පසුතැවිලි වන්න.
එළිදරවු 3:19 ගවේෂණය කරන්න
4
එළිදරවු 3:8
“මම ඔබේ වැඩ දනිමි. මෙන්න! කිසිවකුටත් වැසිය නො හැකි ඇරුණු දොරක් මම ඔබ ඉදිරියේ තැබීමි. ඔබට ඇත්තේ සුළු බලයක් වග මම දනිමි. එහෙත් ඔබ මගේ වචනය පිළිපැද්දහ. මගේ නාමය ප්‍රතික්ෂේප නො කළහ.
එළිදරවු 3:8 ගවේෂණය කරන්න
5
එළිදරවු 3:21
“ජයගන්නාට මා සමඟ මගේ සිංහාසනයේ හිඳගැනීමේ වරම මා දෙන්නේ, මා ජය ගෙන මගේ පියාණන්වහන්සේගේ සිහසුනේ උන්වහන්සේ සමඟ හිඳගත් අයුරිනි.
එළිදරවු 3:21 ගවේෂණය කරන්න
6
එළිදරවු 3:17
‘මා ධනවත් ය; මා ධනය අත්කර ගෙන ඇත. කිසිවකින් මට අඩුවක් නැතැ’ යි ඔබ කියන්නේ ඔබගේ කාලකණ්ණි, දුක්ඛිත, දුගී, අන්ධ හා නග්න භාවය අවබෝධ කර ගෙන නො වේ.
එළිදරවු 3:17 ගවේෂණය කරන්න
7
එළිදරවු 3:10
ඉවසීමෙන් දරා සිටින්නට මා දුන් වචනය ඔබ රක්ෂා කළ බැවින්, මිහි පිට වෙසෙන්නවුන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිටට එන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන්, මමත් ඔබ රක්ෂා කරන්නෙමි.
එළිදරවු 3:10 ගවේෂණය කරන්න
8
එළිදරවු 3:11
“මම ඉක්මනින් එමි. කිසිවකුත් ඔබේ ඔටුන්න උදුරා නො ගන්න ලෙසට, ඔබට ඇති දෑ තරකොට අල්ලාගෙන සිටින්න.
එළිදරවු 3:11 ගවේෂණය කරන්න
9
එළිදරවු 3:2
අවදි වන්න! මැරී යෑමට ආසන්න ව තවමත් ඉතිරි ව ඇති දෑ ශක්තිමත් කරන්න. මන්ද මගේ දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබේ වැඩ සම්පූර්ණ වූ වග මට සම්භ වුණේ නැත.
එළිදරවු 3:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ