1
එළිදරවු 16:15
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මෙන්න, මම සොරකු මෙන් එන්නෙමි! නිරුවතින් ගොසින්, ලජ්ජාව ප්‍රදර්ශන නො වන පිණිස, තම ඇඳුම් හැඳ, අවදිව සිටින්නා භාග්‍යවත් ය.”
සසඳන්න
එළිදරවු 16:15 ගවේෂණය කරන්න
2
එළිදරවු 16:12
හය වැනි දේව දූතයා තම පාත්‍රය යුප්‍රටීස් මහ ගංගාව පිට වැගිරවී ය. එවිට පෙරදිගින් එන රජුන් සඳහා මාවත පිළියෙල වන පිණිස, ගඟේ ජලය සිඳී ගියේ ය.
එළිදරවු 16:12 ගවේෂණය කරන්න
3
එළිදරවු 16:14
මන්ද ඔවුහු හාස්කම් ලකුණු දක්වන යක්ෂාත්මයෝ ය; සියලු බලැති දෙවියන්වහන්සේගේ මහා දවසේ යුද්ධය සඳහා රජුන් රැස් කරන්නට මුළු ලොව පුරා ඔවුන් වෙත යන්නේ මොවුන් ය.
එළිදරවු 16:14 ගවේෂණය කරන්න
4
එළිදරවු 16:13
එවිට මැඩියන් සේ පෙනුමැති අපවිත්‍ර ආත්ම තුන් දෙනෙක්, මකරාගේ කටින් ද මෘගයාගේ කටින් ද බොරු දිවැසිවරයාගේ කටින් ද නික්ම එනු මම දුටිමි.
එළිදරවු 16:13 ගවේෂණය කරන්න
5
එළිදරවු 16:9
දැඩි තාපයෙන් දවනු ලැබූ කල, ඔවුහු එම වසංගත කෙරේ බලය තිබූ දෙවියන්වහන්සේට ශාප කළහ. ඔවුන් පසුතැවිලි වුණේ නැත; උන්වහන්සේට මහිමය දුන්නේ ද නැත.
එළිදරවු 16:9 ගවේෂණය කරන්න
6
එළිදරවු 16:2
එබැවින් පළමු දේව දූතයා ගොස්, තම පාත්‍රය පොළොව පිට වැගිරවී ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ, උගේ පිළිමයට නමස්කාර කළවුන් පිට පිළිකුල්, වේදනාකාරී වණ හට ගැනිණි.
එළිදරවු 16:2 ගවේෂණය කරන්න
7
එළිදරවු 16:16
හෙබ්‍රෙව් බසින් හාර්මගෙද්දෝන් යයි හැඳින්වෙන ස්ථානයට ඔවුහු රජුන් එක් රැස් කළෝ ය.
එළිදරවු 16:16 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ