1
එළිදරවු 11:15
සිංහල කාලීන පරිවර්තනය
SCV
හත් වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය, එවිට ස්වර්ගයේ උස් කටහඬවලින් මෙසේ පැවසිණ: “ලෝකයේ රාජධානිය අප ස්වාමින්වහන්සේගේ ද, උන්වහන්සේගේ ක්රිස්තුස්වහන්සේගේ ද රාජධානිය බවට පත් විය, උන්වහන්සේ සදහට ම, සදාතනයට ම රජකම් කරන සේක.”
සසඳන්න
එළිදරවු 11:15 ගවේෂණය කරන්න
2
එළිදරවු 11:18
ජාතීහු කෝප වූහ, එහෙත් ඔබගේ උදහස පැමිණියේ ය. මළවුන් විනිශ්චය කිරීමේත්, ඔබගේ දිවැසිවරුන් හා ඔබගේ ශුද්ධවතුන් වන ඔබගේ සේවකයින්ට ද ඔබගේ නාමයට භය පක්ෂ ලොකු කුඩා සැමට ද, ඉටු විපාක දීමේත්, පොළොව විනාශ කරන්නවුන් විනාශකිරීමේත් කාලය පැමිණ තිබේ.”
එළිදරවු 11:18 ගවේෂණය කරන්න
3
එළිදරවු 11:3
තවද මම මගේ සාක්ෂිකරුවන් දෙදෙනාට බලය දෙන්නෙමි. එවිට ඔවුන් ගෝණි රෙදි හැඳ, එක්දහස් දෙසිය හැට දවසක් දිවැසි වැකි පවසනු ඇතැ” යි මට කියන ලදී.
එළිදරවු 11:3 ගවේෂණය කරන්න
4
එළිදරවු 11:11
එහෙත්, ඒ දවස් තුනහමාරට පසු, දෙවියන්වහන්සේගෙන් ජීවන හුස්ම ඔවුන් තුළට ඇතුළු වුණෙන්, ඔවුහු දෙපයින් නැගී සිටගත්හ; ඒ දුටුවන් පිට මහා භීතියක් පතිත විය.
එළිදරවු 11:11 ගවේෂණය කරන්න
5
එළිදරවු 11:6
තමන් දිවැස් වැකි පවසන කාලය තුළ වැසි නො වසින ලෙස අහස පියවන්නට මොවුන්ට බලය ඇත. තවද ජලය ලෙයට හැරවීමටත්, තමන් කැමති හැම විටෙක කවර අයුරක වුව වසංගතයකින් පොළොවට පහර දීමටත් බලය ඔවුනට ඇත.
එළිදරවු 11:6 ගවේෂණය කරන්න
6
එළිදරවු 11:4-5
මොවුන්, පොළොවේ ස්වාමින්වහන්සේ ඉදිරිපිට පිහිටි ඔලීව ගස් දෙක හා පහන් රුක් දෙක වේ. යමකු ඔවුනට අනතුරු කරන්නට යන්නේ නම්, ඔවුන්ගේ මුවින් ගිනි වැගිර, ඔවුන්ගේ සතුරන් දවා දැමේ; ඔවුන්ට අනතුරු කරන්නට සොයන්නවුන් එලෙස මරා දමනු ලැබිය යුතු වේ.
එළිදරවු 11:4-5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ