1
ගීතාවලිය 95:6-7
සිංහල කාලීන පරිවර්තනය
SCV
එන්න, නමස්කාරයෙන් යුතු ව අපි වැඳ වැටෙමු, අපගේ මැවුම්කරුවාණන් වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ අපි දණින් වැටෙමු; උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ ය; උන්වහන්සේගෙන් පෝෂණය ලබන ජනයා ද උන්වහන්සේගේ රැකවරණය යටතේ වන බැටළුවෝ ද අප ය.
සසඳන්න
ගීතාවලිය 95:6-7 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 95:1-2
එන්න, අපි ස්වාමින්වහන්සේට ප්රීති ගීත ගයමු; අපේ ගැලවීමේ පර්වතයාණන්ට ජය ගොස නගමු. ස්තුති දීම් සමඟ අපි උන්වහන්සේ ඉදිරියට යමු; සංගීත නදින් හා ගීත හඬින් උන්වහන්සේ පසසමු.
ගීතාවලිය 95:1-2 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 95:3
මන්ද ස්වාමින්වහන්සේ, උත්තම දෙවියන්වහන්සේ ය, සියලු දෙවිවරුනට ඉහළින් උත්තම රජිඳාණෝ ය.
ගීතාවලිය 95:3 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 95:4
පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතේ ය; කඳු ශිඛර අයිති උන්වහන්සේට ය.
ගීතාවලිය 95:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ