1
ගීතාවලිය 10:17-18
සිංහල කාලීන පරිවර්තනය
SCV
අහෝ ස්වාමින්වහන්ස, පීඩිතයින්ගේ ආශාවට ඔබ සවන් යොමන සේක, ඔවුන් දිරිමත් කරන ඔබ, ඔවුන්ගේ හඬ ගෑමට සවන් දෙන සේක. එසේ කරන්නේ, භූමික මිනිසාගෙන් භය-භීතිය ඇති නො වන ලෙසට පියා අහිමි අනාථයින් හා පීඩිතයින් සුරකිමින් ය.
සසඳන්න
ගීතාවලිය 10:17-18 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 10:14
එහෙත් ඔබ දකින සේක, මේ කරදර හා දොම්නස ඔබ සලකන සේක. තත්වය ඔබ අත යටට ගැනීමට ඔබ සිත් යොමන සේක. අසරණයා තුමූම ඔබ අතට බාර වෙයි. පියා අහිමි අනාථයින්ගේ උපකාරකරුවාණෝ ඔබ ය.
ගීතාවලිය 10:14 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 10:1
අහෝ ස්වාමින්වහන්ස, ඇයි ඔබ ඔතරම් ඈතින් සිටින්නේ? දුක්-විපත් පැමිණි කල, කිම ද ඔබ සැඟවී ඉන්නේ?
ගීතාවලිය 10:1 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 10:12
නැගිටිනු මැනවි, අහෝ ස්වාමින්වහන්ස! ඔබේ අත ඔසවා පිහිට වුව මැනව අහෝ දෙවියන්වහන්ස, අසරණ වූවන් අමතක නො කළ මැනව.
ගීතාවලිය 10:12 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ