1
හිතෝපදේශ 16:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ කරන කවරක් වුව ස්වාමින්වහන්සේට බාරකරන්න; එවිට ඔබගේ සැලසුම් සඵල වෙයි.
සසඳන්න
හිතෝපදේශ 16:3 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 16:9
මිනිසාගේ ගමන් මග සැලසුම් කරන්නේ ඔහුගේ හදවත ය; එහෙත් ඔහුගේ පියවර තීරණ කරන්නේ ස්වාමින්වහන්සේ ය.
හිතෝපදේශ 16:9 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 16:24
කරුණාවන්ත වචන මී වදයකි, එය සිතට මිහිරකි; ගතට සුවයකි.
හිතෝපදේශ 16:24 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 16:1
හදවතේ සැලසුම් අයිති මිනිසාට ය; එහෙත් දිවේ පිළිතුර පැමිණෙන්නේ ස්වාමින්වහන්සේගෙනි.
හිතෝපදේශ 16:1 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 16:32
ඉවසිලිවන්තයා, රණවිරුවකුට වඩා අගේ ය; ආත්ම දමනය කරන්නා පුරවරයක් අල්ලා ගන්නාට වඩා වටනේ ය.
හිතෝපදේශ 16:32 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 16:18
විනාශයට පෙරටුවෙන් උඩඟුව ගමන් ගනී; වැටීමට පෙරටුවෙන් මහ අහංකාරයකි.
හිතෝපදේශ 16:18 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 16:2
මිනිසාගේ හැම ක්‍රියා මාර්ගයක් ම නිදොස් යයි ඔහුට පෙනේ; එහෙත් ඒවායේ අභිප්‍රාය කිරා-මැන බලන්නේ ස්වාමින්වහන්සේ ය.
හිතෝපදේශ 16:2 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 16:20
වචනය සලකන්නා සමෘද්ධ වෙයි; ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා භාග්‍යවත් ය.
හිතෝපදේශ 16:20 ගවේෂණය කරන්න
9
හිතෝපදේශ 16:8
ධර්මිෂ්ඨකම සමඟ ස්වල්පයක් ඇති ව සිටීම, අයුක්තියෙන් බොහොමයක් අත්කර ගන්නවාට වඩා හොඳ ය.
හිතෝපදේශ 16:8 ගවේෂණය කරන්න
10
හිතෝපදේශ 16:25
මිනිසකුට හරියයි පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර මරණයට මග පෙන්වයි.
හිතෝපදේශ 16:25 ගවේෂණය කරන්න
11
හිතෝපදේශ 16:28
අගතිගාමී මිනිසා වාද භේද අවුස්සයි; කේලමා ළබැඳි මිතුරන් වෙන් කරයි.
හිතෝපදේශ 16:28 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ