ඒ දවසේ ජනයා අසා සිටියදී මෝසෙස්ගේ පොත හඬ නගා කියවන ලදී. අම්මොන් හෝ මෝවබ් ජාතික කිසිවකු කිසි කලෙක දෙවියන්වහන්සේගේ එක්රැස්වීමට ඇතුල් නො විය යුතු යැයි එහි ලියා තිබෙනු හමු විණි. මන්ද ඔවුහු කෑමත්, වතුරත් රැගෙන, ඉශ්රායෙල් මුණගැසෙන්නට නො පැමිණියා සේ ම ඔවුන් පිටට ශාපයක් ගෙනෙන්නට බාලාම් ද කුලියට ගත්හ. (එසේ වුවත් අපේ දෙවියන්වහන්සේ එම ශාපය ආශිර්වාදයකට පෙරළූ සේක.)