1
මතෙව් 25:40
සිංහල කාලීන පරිවර්තනය
SCV
“එවිට රජ්ජුරුවෝ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ මේ සහෝදරයින්ගෙන් ඉතාම සුළු කෙනකුට හෝ ඔබ කළ යම් දෙයක් වේ ද, ඔබ එය කළේ මට යැ’ යි පවසනු ඇත.
සසඳන්න
මතෙව් 25:40 ගවේෂණය කරන්න
2
මතෙව් 25:21
“ඔහුගේ හාම්පුතා කතා කරමින්, ‘අගෙයි යහපත්, විශ්වාසවත් දාසය, සුළු දේ ගැන ඔබ විශ්වාසී වූ නිසා, බොහෝ දේවල බාරකාරත්වයට මම ඔබ පත් කරමි. එන්න; ඇවිත් ඔබගේ හාම්පුතාගේ ප්රීතියට පංගුකරුවකු වන්නැ!’ යි කී ය.
මතෙව් 25:21 ගවේෂණය කරන්න
3
මතෙව් 25:29
මන්ද ඇති හැම කෙනකුට වඩ වඩා දෙනු ලැබේ. ඔහුට අධික ව ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ.
මතෙව් 25:29 ගවේෂණය කරන්න
4
මතෙව් 25:13
“එබැවින්, ඒ දවසවත්, ඒ පැයවත් ඔබ නො දන්න නිසා අවදිව සිටින්න.
මතෙව් 25:13 ගවේෂණය කරන්න
5
මතෙව් 25:35
මන්ද මා සාගිනි ව සිටියා; ඔබ මට ආහාර දුන්නා. මා පිපාසිත ව සිටියා; ඔබ මට බොන්නට දුන්නා. මා ආගන්තුක ව සිටියා; ඔබ නිවසට මා පිළිගත්තා.
මතෙව් 25:35 ගවේෂණය කරන්න
6
මතෙව් 25:23
“ඔහුගේ හාම්පුතා ඔහු අමතමින්, ‘අගෙයි යහපත්, විශ්වාසවත් දාසය, සුළු දේ ගැන ඔබ විශ්වාසී වූ නිසා, බොහෝ දේවල බාරකාරත්වයට මම ඔබ පත් කරමි. එන්න; ඇවිත් ඔබගේ හාම්පුතාගේ ප්රීතියට පංගුකරුවකු වන්නැ!’ යි කී ය.
මතෙව් 25:23 ගවේෂණය කරන්න
7
මතෙව් 25:36
මා නිර්වස්ත්ර ව සිටියා; ඔබ මට ඇඳුම් ඇඳවූවා. මා රෝගී ව සිටියා; ඔබ මට සැලකුවා. මා සිරගත ව සිටියා. ඔබ මා බලන්නට ආවා’ යි කියනු ඇත.
මතෙව් 25:36 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ