1
මතෙව් 12:36-37
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින් මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ජනයාට තමන් පවසන හැම නො සැලකිලි වචනයක් ගැන ම ගණන් දීමට සිදුවන බවයි. මන්ද ඔබ නිදොස් කරන්නේ ඔබේ ම වචන මගිනි. ඔබ වරදට පත් කරන්නේ ද ඔබේ ම වචන මගිනි” යි පැවසූ සේක.
සසඳන්න
මතෙව් 12:36-37 ගවේෂණය කරන්න
2
මතෙව් 12:34
පොළොං වංශය, දුෂ්ට වූ නුඹලා යහපත පවසන්නේ කොහොම ද? මන්ද කටින් පිට වන්නේ ඔහුගේ හදෙහි පිරී ඇති දෙයිනි.
මතෙව් 12:34 ගවේෂණය කරන්න
3
මතෙව් 12:35
හොඳ මනුෂ්‍යයා, තමන් තුළ නිදන්ගත හොඳ දෑ ද නපුරු මිනිසා තමන් තුළ නිදන්ගත නපුරු දෑ ද පිටතට ගෙනේ.
මතෙව් 12:35 ගවේෂණය කරන්න
4
මතෙව් 12:31
එබැවින් මා ඔබට කියන්නේ, හැම පාපයකට හා හැම දේවාපහාසයකට මිනිසාට කමාව දෙනු ලබන බවයි; එහෙත් ආත්මයාණන්වහන්සේට එරෙහිව නගන දේවාපහාසයට කමාවක් නැත.
මතෙව් 12:31 ගවේෂණය කරන්න
5
මතෙව් 12:33
“ගස හොඳ වූ කල, එහි පල ද හොඳ වෙයි. ගස නරක් වූ කල, එහි පල ද නරක් වේ. මන්ද ගස හැඳින ගන්නේ එහි පලවලිනි.
මතෙව් 12:33 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ