1
මතෙව් 10:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මෙන්න! මා දැන් ඔබ පිටත් කර යවන්නේ, වෘකයින් මැදට බැටළුවන් ලෙසයි. එබැවින් සර්පයින් මෙන් විචක්ෂණ ව, පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.
සසඳන්න
මතෙව් 10:16 ගවේෂණය කරන්න
2
මතෙව් 10:39
තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කර ගනී; මා නිසා තම ජීවිතය අහිමි කරගන්නාට එය සම්භ වේ.
මතෙව් 10:39 ගවේෂණය කරන්න
3
මතෙව් 10:28
ශරීරය නසා දමන නමුදු, ජීවාත්මය නැසිය නො හැකි අයට භය නො වන්න. එහෙත් සිරුරත්, ජීවාත්මයත් නිරයේ විනාශ කළ හැකි තැනැන්වහන්සේට භය වන්න.
මතෙව් 10:28 ගවේෂණය කරන්න
4
මතෙව් 10:38
තමාගේ කුරුසිය ගෙන, මා අනුව නො එන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ.
මතෙව් 10:38 ගවේෂණය කරන්න
5
මතෙව් 10:32-33
“මිනිසුන් ඉදිරියේ මා පිළිගන්නා හැම කෙනකු ම ස්වර්ගයේ සිටින මගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් පිළිගනිමි. එහෙත් මිනිසුන් ඉදිරියේ මා ප්රතික්ෂේප කරන කවරකු වුවත් ස්වර්ගයේ සිටින මගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් ප්රතික්ෂේප කරමි.
මතෙව් 10:32-33 ගවේෂණය කරන්න
6
මතෙව් 10:8
රෝගීන් සුව කරන්න; මළවුන් නැගිටුවන්න. කුෂ්ඨ රෝගීන් පවිත්ර කරන්න; යක්ෂාත්මයින් දුරු කරන්න. ඔබ ලද්දේ නොමිලයේයි; නොමිලේ ම දෙන්න.
මතෙව් 10:8 ගවේෂණය කරන්න
7
මතෙව් 10:31
එබැවින් බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී.
මතෙව් 10:31 ගවේෂණය කරන්න
8
මතෙව් 10:34
“පොළොව පිටට සාමය ගෙනෙන්නට මා ආවා යයි නො සිතන්න. මා ආවේ කඩුවක් මිස සාමය ගෙනෙන්නට නො වේ
මතෙව් 10:34 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ