1
ලූක් 9:23
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඉන්පසු සියල්ලන් ඇමතූ උන්වහන්සේ, “යම් කෙනෙක් මා අනුව එන්නට කැමති නම්, ඔහු තමා ම ප්‍රතික්ෂේප කර, දිනපතා තම කුරුසිය උසුලා, මා අනුව එත්වා.
සසඳන්න
ලූක් 9:23 ගවේෂණය කරන්න
2
ලූක් 9:24
මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කර ගනී. එහෙත් මා නිසා සිය ජීවිතය අහිමි කර ගන්නා, එය රැක ගනී.
ලූක් 9:24 ගවේෂණය කරන්න
3
ලූක් 9:62
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “නඟුලේ අත තබා, ආපසු හැරී බලන කිසිවකු දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැ” යි පැවසූ සේක.
ලූක් 9:62 ගවේෂණය කරන්න
4
ලූක් 9:25
යමෙක් මුළු ලොව ම දිනාගත් නමුදු, තම ජීවිතය නැති කර ගනී නම් හෝ අහිමි කර ගනී නම්, ඔහුට ඉන් කවර පලක් ද?
ලූක් 9:25 ගවේෂණය කරන්න
5
ලූක් 9:26
යමෙක් මා ගැනත්, මගේ වචන ගැනත් ලජ්ජා වන්නේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණන් තමන්ගේ තේජසින් ද පියාණන්වහන්සේගේ හා ශුද්ධ වූ දේව දූතයින්ගේ තේජසින් ද යුක්ත ව එන කල, ඒ තැනැත්තා ගැනත් ලජ්ජා වනු ඇත.
ලූක් 9:26 ගවේෂණය කරන්න
6
ලූක් 9:58
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සිවලුන්ට ගුහාත්, අහස් පක්ෂීන්ට කැදලිත් තිබේ. එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාට තම හිස තැබීමටවත් තැනක් නැතැ” යි කී සේක.
ලූක් 9:58 ගවේෂණය කරන්න
7
ලූක් 9:48
“මගේ නාමයෙන් මේ දරුවා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා පිළිගනියි; මා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා එවූ තැනැන්වහන්සේ පිළිගනියි. මන්ද ඔබ අතරේ වඩා උත්තමයා, ඔබ අතරේ ඉතාම සුළු තැනැත්තා” යි පැවසූ සේක.
ලූක් 9:48 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ