1
ලෙවී 26:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
මම ඔබ අතරේ ගැවසෙමින්, ඔබේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔබ මගේ ජනයා වන්නහු ය.
සසඳන්න
ලෙවී 26:12 ගවේෂණය කරන්න
2
ලෙවී 26:4
මම නිසි කලට ඔබට වැසි වස්සන්නෙමි. එවිට මහ පොළොව එහි අස්වැන්න ද කෙත් වත්හි ගහ වැල ඒවායේ පලදාව ද උපද්ද වන්නේ ය.
ලෙවී 26:4 ගවේෂණය කරන්න
3
ලෙවී 26:3
“ ‘ඔබ, මගේ නියෝග අනුගමන කරමින්, මගේ ආඥාවලට කීකරු වීමට වග බලා ගතහොත්
ලෙවී 26:3 ගවේෂණය කරන්න
4
ලෙවී 26:6
“ ‘ඔබේ දේශයට මම සාමය සලසන්නෙමි. බිය සැක නැතිව ඔබ නිදාගනු ඇත. රුදුරු සතුන් දේශයෙන් මම ඉවත් කරන්නෙමි. ඔබේ රට තුළ යුද අසිපත් ගැටෙනු නැත.
ලෙවී 26:6 ගවේෂණය කරන්න
5
ලෙවී 26:9
“ ‘මම ඔබ වෙත ප්‍රසාදය පා, ඔබ සඵල කොට, ගණනින් ඔබ වැඩි කරන්නෙමි. මම ඔබ සමඟ මගේ ගිවිසුම ස්ථිර කරන්නෙමි.
ලෙවී 26:9 ගවේෂණය කරන්න
6
ලෙවී 26:13
තවදුරටත් ඔබ ඊජිප්තුවරුන්ගේ වහලුන් නො වන පිණිස, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මම ඔබේ වියගහේ බැඳුම් බිඳ, හිස කෙළින් තබා ගමන් කරන්නට ඔබට සවිබල දුනිමි.
ලෙවී 26:13 ගවේෂණය කරන්න
7
ලෙවී 26:11
මම මගේ වාසස්ථානය ඔබ මධ්‍යයේ තබන්නෙමි; මම ඔබ පිළිකුල් නො කරන්නෙමි.
ලෙවී 26:11 ගවේෂණය කරන්න
8
ලෙවී 26:1
“ ‘ඔබේ දේශයේ ඔබට දේව රූප සාදා නො ගන්න; පිළිම හෝ පූජා ගල් කුලුනු හෝ සිටුවා නො ගන්න; වන්දනාව සඳහා නෙළූ ගල් රූප ද තබා නො ගන්න. මන්ද මම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය.
ලෙවී 26:1 ගවේෂණය කරන්න
9
ලෙවී 26:10
අලුත් අස්වනු රැස් කර තබනට ඉඩකඩ ලබා ගන්නට, එතෙක් ඔබ පරිභෝජනයට ගත් කලින් වසරේ පලදාව ඉවතලන්නට තරම් ඔබට සරුවනු ඇත.
ලෙවී 26:10 ගවේෂණය කරන්න
10
ලෙවී 26:8
ඔබගෙන් පස් දෙනෙක්, ඔවුන් සිය දෙනකු ද ඔබගෙන් සිය දෙනෙක් ඔවුන් දස දහසක් ද ලුහුබඳිති. ඔබේ සතුරන් ඔබ ඉදිරියේ ඔබගේ අසිපත් පහරින් ඇද වැටෙනු ඇත.
ලෙවී 26:8 ගවේෂණය කරන්න
11
ලෙවී 26:5
ඔබේ ගොයම් පෑගීම, මිදි අස්වනු කාලය දක්වා ද මිදි අස්වනු නෙළීම කුඹුරු වපුරන කාලය දක්වා ද දිගට ම පවතින්නේ ය. ඔබ රිසි සේ අහර ගනිමින්, ඔබේ දේශය තුළ සුරැකි ව වෙසෙනු ඇත.
ලෙවී 26:5 ගවේෂණය කරන්න
12
ලෙවී 26:7
ඔබ, ඔබගේ සතුරන් ලුහුබඳිනු ඇත. ඔබගේ අසිපත හමුවේ ඔවුන් ඇද වැටෙනු ඇත.
ලෙවී 26:7 ගවේෂණය කරන්න
13
ලෙවී 26:2
“ ‘මගේ සබත් පවත්වමින්, මගේ ශුද්ධස්ථානයට ගෞරව දක්වන්න. මම ස්වාමින්වහන්සේ ය.
ලෙවී 26:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ