1
යෝෂුවා 10:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට ජාතිය ඔවුන්ගේ සතුරන්ගෙන් පළි ගන්නා තෙක් ම සූර්යයා නිසල ව නැවතිණ. චන්ද්රයා ද නැවතුණේ ය. යාෂාර්ගේ පොතේ මෙය ලියා තියෙනවා නො වේ ද? අහස මැද නැවතී සිටි සූර්යයා, සම්පූර්ණ දවසක් පමණ බැස යන්නට ඉක්මන් නො වී ය.
සසඳන්න
යෝෂුවා 10:13 ගවේෂණය කරන්න
2
යෝෂුවා 10:12
ස්වාමින්වහන්සේ ඉශ්රායෙල් පුත්රයින්ට අමෝරිවරුන් යටත් කර දුන් ඒ දවසේ, යෝෂුවා, ඉශ්රායෙල් ජන සමූහයා ඉදිරියේදී ස්වාමින්වහන්සේට කතා කරමින්, “එම්බා සූර්යය, ගිබෙයොන්ට ඉහළින් නැවතී සිටිනු; එම්බා චන්ද්රය, අයියාලොන් මිටියාවතට ඉහළින් සිටිනු” යි පැවසී ය.
යෝෂුවා 10:12 ගවේෂණය කරන්න
3
යෝෂුවා 10:14
ස්වාමින්වහන්සේ මිනිසකුගේ කටහඬට සවන් දුන් එවන් දවසක් එතෙක් මෙතෙක් නො වී ය. මන්ද ස්වාමින්වහන්සේ ඉශ්රායෙල් උදෙසා සටන් කළ සේක.
යෝෂුවා 10:14 ගවේෂණය කරන්න
4
යෝෂුවා 10:8
එවිට ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “ඔවුන්ට භය නො වන්න; මම ඔවුන් ඔබේ අත්වලට දී ඇත්තෙමි. ඔවුන්ගෙන් කිසිවකුට ඔබ ඉදිරියෙහි සිටගත නො හැකි” යි කී සේක.
යෝෂුවා 10:8 ගවේෂණය කරන්න
5
යෝෂුවා 10:25
යෝෂුවා ඔවුන්ට කතා කොට, “භය වන්න එපා; කැලඹෙන්න එපා. බලවත් වන්න, ධෛර්යවත් වන්න. ඔබ සමඟ සටන් කරන සතුරන් සියලු දෙනාට ස්වාමින්වහන්සේ කරන්නේ මෙසේ යැ” යි පැවසී ය.
යෝෂුවා 10:25 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ