එවිට යෝබ් නැගිට, තම හැඳිවත් ඉරාගෙන, හිස බූ ගා, බිම වැටී වැඳ,
“හිස් අතින් මම මවු කුසේ සිට ආවෙමි.
හිස් අතින් මම ආපසු යන්නෙමි.
ස්වාමින්වහන්සේ දුන් සේක; ස්වාමින්වහන්සේ ආපසු ගත් සේක;
ස්වාමින්වහන්සේගේ නාමයට ප්රශංසා වේවා!” යි පැවසී ය.
මේ සියල්ලෙහි දී යෝබ් පව් කළේවත්, දෙවියන්වහන්සේ පිට වරද තබා දොස් තැබුවේවත් නැත.