1
යොහන් 1:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
එසේ වුවත්, උන්වහන්සේ පිළිගත් සියල්ලනට, උන්වහන්සේගේ නාමය තුළ අදහාගත් අයට දෙවියන්වහන්සේගේ දරුවන් වීමට උන්වහන්සේ වර දුන් සේක.
සසඳන්න
යොහන් 1:12 ගවේෂණය කරන්න
2
යොහන් 1:1
මූලාරම්භයේදී වචනයාණෝ සිටි සේක. වචනයාණෝ දෙවියන්වහන්සේ සමඟ සිටි සේක; වචනයාණෝ දෙවියන්වහන්සේ ව සිටි සේක
යොහන් 1:1 ගවේෂණය කරන්න
3
යොහන් 1:5
ඒ ආලෝකය අන්ධකාරයේ බබළයි; අන්ධකාරය එය යටපත් කළේ නැත.
යොහන් 1:5 ගවේෂණය කරන්න
4
යොහන් 1:14
වචනයාණෝ මාංසය බවට පත් ව අප අතර වාසය කළ සේක; අනුග්‍රහයෙන් හා සත්‍යයෙන් පූර්ණ වූ උන්වහන්සේගේ තේජෝ මහිමය, පියාණන්වහන්සේ වෙතින් පැමිණි එක ම පුතුණුවන්ගේ තේජෝ මහිමය අපි දුටුවෙමු.
යොහන් 1:14 ගවේෂණය කරන්න
5
යොහන් 1:3-4
සියල්ල මවන ලද්දේ උන්වහන්සේ මගිනි; මවන ලද කිසිවක් උන්වහන්සේගෙන් තොර ව මවනු නො ලැබුණි. ජීවනය උන්වහන්සේ තුළ විය. ඒ ජීවනය මිනිස් වර්ගයාගේ ආලෝකයයි.
යොහන් 1:3-4 ගවේෂණය කරන්න
6
යොහන් 1:29
පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ
යොහන් 1:29 ගවේෂණය කරන්න
7
යොහන් 1:10-11
උන්වහන්සේ ලෝකයේ සිටි සේක; ලෝකය මවන ලද්දේ උන්වහන්සේ මගින් වුව ද, ලෝකයා උන්වහන්සේ හැඳින ගත්තේ නැත. උන්වහන්සේ ස්වකීය දෑ වෙත පැමිණි සේක; එහෙත් ස්වකීයයෝ උන්වහන්සේ නො පිළිගත්තෝ ය.
යොහන් 1:10-11 ගවේෂණය කරන්න
8
යොහන් 1:9
හැම මනුෂ්‍යයකුට ම ආලෝකය දෙන සත්‍ය ආලෝකය, ලෝකයට එන්නට තිබුණේ ය.
යොහන් 1:9 ගවේෂණය කරන්න
9
යොහන් 1:17
ව්‍යවස්ථාව දෙන ලද්දේ, මෝසෙස් මගිනි. අනුග්‍රහය හා සත්‍යය පැමිණියේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගිනි.
යොහන් 1:17 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ