1
යෙරමියා 29:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද ඔබ උදෙසා මා වෙත ඇති සැලසුම් මම දනිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඒවා සමෘද්ධියේ සැලසුම් ය. ඔබට හානිදායක ඒවා නො වේ. ඔබට අනාගතයක් හා අපේක්ෂාවක් දීමේ සැලසුම් ය.
සසඳන්න
යෙරමියා 29:11 ගවේෂණය කරන්න
2
යෙරමියා 29:13
ඔබ මා සොයනු ඇත; ඔබගේ මුළු හදින් ම ඔබ මා සොයන කල, ඔබට මා හමු වනු ඇත.
යෙරමියා 29:13 ගවේෂණය කරන්න
3
යෙරමියා 29:12
එවිට ඔබ මට අයැදිනු ඇත. මා වෙත අවුත්, මට යාච්ඤා කරනු ඇත. මමත් ඔබට ඇහුම්කන් දෙන්නෙමි.
යෙරමියා 29:12 ගවේෂණය කරන්න
4
යෙරමියා 29:14
ඔබ විසින් මා සොයා ගනු ලබනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඔබගේ භාග්‍යය මම යළි ස්ථාපිත කරන්නෙමි. මා විසින් පලවා හරින ලද සියලු ජාතීන් වෙතින් හා සියලු ස්ථාන වෙතින් මම ඔබ එක් රැස් කරන්නෙමි. පිටුවහල් කොට මා විසින් ඔබ යවනු ලැබුවේ කොතැනක සිට ද එතැනට ම මම ඔබ ආපසු ගෙනෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
යෙරමියා 29:14 ගවේෂණය කරන්න
5
යෙරමියා 29:10
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “බබිලෝනිය සඳහා සැත්තෑ වසර සම්පූර්ණ වූ කල, මම නුඹලා සොයා බලා, මේ ස්ථානයට නුඹලා ආපසු ගෙන ඒමේ මගේ පොරොන්දුව, ඉෂ්ට කරන්නෙමි.
යෙරමියා 29:10 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ