නුඹේ නපුරුකම නුඹට දඬුවම් කරනු ඇත,
නුඹේ පසුබට ව යෑම නුඹට තරවටු කරනු ඇත.
නුඹ, නුඹේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ප්රතික්ෂේප කිරීම හා
මා ගැන ගෞරව-භයක් නුඹ තුළ නො වීම,
කෙතරම් නපුරු වූත්, තිත්ත වූත් දෙයක් දැයි
සිතා බලා-වටහාගන්නැ” යි
සේනාංකවල ස්වාමින්වහන්සේ වන ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.